Categories

Metaverse coin crypto currency blockchain concept, META on smartphone screen with gold coin on meta logo background. New facebook company logo meta metaverse. Bangkok Thailand, December 2, 2021

Meta ‘Zuck Bucks’ ඇතුළු නව ඩිජිටල් මුදල් වර්ග කිහිපයක වැඩ අරඹයි.

මෙම වසර මුල නිල වශයෙන් ඉවත් කෙරුනු ගුප්තකේතන මුදල් වර්ගයක් වන Facebook හි ‘Libra’ (Diem ලෙස නම් කරන ලද) ප්‍රධාන අසාර්ථකත්වයට පස්සෙ, Meta ඩිජිටල් මුදල් සඳහා තිබුණ සැලසුම් අතහැර දමයි කියල හිතුවත් meta නම් පරාජය පිලිගන්නෙ නැහැ.

දැනටමත් ඔවුන් cryptocurrency කීපයක වැඩ අරඹමින් සිටින නමුත් ඒවායින් සමහරක් Blockchain තාක්ෂනය භාවිතා නොකරන බවයි පෙනෙන්න තියෙන්නෙ.

ඉදිරියෙදී ඔවුන්ගේ Metaverse සංකල්පය තුලින් හදුන්වාදෙන යෙදුම් සදහා token,coin හා ණය සේවා සැපයීම සදහා මෙලෙස Cryptocurrency යොදාගන්නා බව ඔහු පැවසුවා.

එක් මුදල් වර්ගයක්, “Zuck Bucks” ලෙස නම් කර ඇති අතර එය Libra 2.0 නොවන නමුත් meta විසින් පාලනය වන blockchain නොවන ටොකනයකි.

ඇත්තටම metaverse ගැන හරිහැටි නොදැන Zuck Bucks භාවිත කරන්න පුලුවන් මොනාටද කියල කියන්න බැරිඋනත් අවම වශයෙන් පරිශීලකයන්ට ඒවා එකිනෙකා අතර වෙලදාම් කිරීමට හැකි වනු ඇතැයි උපකල්පනය කරන්න පුලුවන්.

Zuck Bucks ට අමතරව, Meta සමාගමෙහි විවිධ platform සඳහා “අර්ථවත්” ආකාරයෙන් දායක වීම සඳහා පරිශීලකයින්ට ප්‍රතිලාභ ලබා දීමට උත්සාහ කරන “social” ටෝකන් ද instagram සදහා”Creator coins” ද සංවර්ධනය කරමින් පවතිනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.