Categories

Huawei නිපදවූ ස්වයංක්‍රීයව ධාවනය වන AI බයිසිකලය.

දැන්වෙනකොට කෘතිම බුද්ධි තාන්ෂනය(AI) විවිද ක්‍ෂේත්‍රයන්ට යොදාගෙන තිබෙනවා.
ඉතින් Huawei ඉංජිනේරුවන් පිරිසක් බයිසිකල් එකකට AI සම්බන්ධ කරමින් ස්වයංක්‍රීයව ධාවනය කිරීමට සමත් වෙලා තිබෙනවා.
ඒ වගේම ප්‍රධාන ඉංජිනේරු වන Zhihui jun හට මෙම අදහස පහල වී තිබෙන්නේ ඔහු බයිසිකල් අනතුරකට ලක්වීමෙන් පසුවයි.

මෙය AI technology,අධි නිරවද්‍යතා සං⁣වේදක( high precision sensors) හා කැමරාවන් රාශියකින් යුතු පූර්ණ ස්වයංක්‍රීය බයිසිකලයක් වනවා.

ඉංජිනේරුවන් පලමුව බයිසිකලයේ සවිස්තරාත්මක CAD ආකෘතියක් සෑදු අතර පසුව චලනය පාලනය කිරීමට විවිද සංරචකයන් එකතු කරනු ලැබුවා.
Faucet එක පාලනය කිරීමට බුරුසුරහිත මෝටර් දෙකක් හා Steering gear එකක් එකතු කර තිබෙනවා.
එමෙන්ම RGBD depth sensor, Accelerometer, gyroscope, හා LiDAR sensor එකකින්ද සමන්විත වන මෙයට
6s මාදිලියේ ගුවන්යානාවල බැටරි පුවරුවකින් පැය 2-3 බලය සැපයෙනවා.

Primary computing module එක හෙවත් මෙහි ⁣”මොළය” සීට් එකට පහලින් හා පසුපස රෝදයට ඉහලින් පිහිටා තිබෙනවා.

Computing module එක ගැන බැලුවොත් ඒක සම්පූර්ණයෙන්ම jun විසින් නිර්මාණය කරලා තිබෙන්නෙ. මොඩියුල් එක ඩිවලොප් කරන්න Huawei හි Ascend 310 AI ප්‍රොසෙසර් එක හා කම්පැනියෙහි application orchestration service එක භාවිත කරලා තිබෙනවා. ඉතින් ඒක නිසාම බයිසිකල් එකට සිතීමට හා තීරණ ගැනීමට හැකියාව පවතිනවා.

බයිසිකලයට තනිවම සමබරතාවය ගොඩනගා ගැනිමට විශේෂ පාලක මොඩියුල් එකක් සවිකර තිබෙනවා.

මොඩියුලය මගින් කෘතිම චන්ද්‍රිකාවක භාවිතා වන සිස්ටම් එකම සිදුකරනු ලබනවා. කුඩා high precision sensorඑක මගින් tilt එක හදුනාගෙන දත්ත attitude control module එකට යවනවා. එමගින් බයිසිකලය සෘජුව පවතින බව සහතික කරනු ලබන අතර පසුපස රෝද වලට සම්බන්ධ මෝටරය මගින් පැඩල් නොමැතිව බයිසිකලය ඉදිරියට යවනු ලබනවා.