Categories

Messenger වලට අලුතින් එක්වන Shortcut පහසුකම්..!

Meta විසින් අලුතින් Shortcut කීපයක් Messenger වලට එකතු කරල තිබෙනවා. මෙම සරල විධානයන් මගින් ඇප් එක කුල විවිද කාර්යයන් සිදු කීරිමට පහසුකම් සලසනවා.

  Shortcut  මඟින් පරිශීලකයින්ට Message, GIFs, සහ OG shrug emoji (¯_(ツ)_/¯) සඳහා Custom Notification  එක් කිරීමට සරල විධාන ඇතුළත් කිරීමට ඉඩ සලසනු ලබනවා.

ආරම්භයක් විදියට Messenger සතුව දැනට Android සහ iOS  සඳහා @everyone සහ /silent විදියට Shortcut දෙකක් තිබෙනවා.
දැනට”  @” එකෙන් ගෘප් එකක ඉන්න ඕනම කෙනෙක් මෙන්ශන් කරන්න පුලුවන් බව ඔයාල දන්නව ඇති. ගෘප් එකෙ ඉන්න සේරම අය මෙන්ශන් කරන්න ඒ ක්‍රමේට තරමක් අපහසුයි ඒ නිසාම “@everyone” command එක මගින් ගෘප් එකෙ ඉන්න සේරම members ලව mention කිරීමේ හැකියාව පවතිනවා.

අනෙක්  එකනම් “/silent”  Shortcut එක
මෙයින් අදාල message එක ලබන්නාට Pop-up Notification එකකින් තොරව ලබා දෙනු ලබනවා.
ලබන්නා අත්‍යවශ්‍ය වැඩකනම් හො නින්දෙහි සිටියැයි කියල ඔයාට හිතෙනවනම් ඔයාට silent Command එක Use කරන්න පුලුවන්.
එලෙසින්ම මෙය දැනටමත් (“@silent” ) Instagram තුල අතුලත් වනවා.

එලෙසම /Pay Command එක මගින් පුද්ගලයෙකුට  මුදල් ගෙවීමට ඉඩ සලසනු ලබයි. /gif Command මගින් Chat එක තුල විවිද Gif බ්‍රව්ස් කිරීමට හා ඒවා පුද්ගලයන්ට යැවීමට ඉඩ සලසන ලබනවා.
කෙසේ නමුත් මෙය මුලිනි ios පරිශීලකයන්ට ල⁣බාදෙනු ඇති බවයි වාර්තා වෙන්නෙ.

එලෙසම Meta විසින් වසර අවසානයේදී අනෙකුත් කාර්යයන් සඳහා Facebook Messenger වෙත තවත් Shortcut එක් කරන බව තහවුරු කරල තිබෙනවා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.