Categories

භාවිතා කරන්න හොදම VPN ඇප්..!

• What is VPN……?

VPN හෙවත් Virtual Private network වලින් සරලවම වෙන්නෙ අපෙ Ip address එක වෙනස් කරන එක. එහෙමත් නැත්තම් අපි Server හරහා වෙබ් එකකට ලොග් වෙද්දි අදාල දත්ත Encrypt කරන එක.
iP වෙනස් කිරීමෙන් අප සත්‍ය ස්ථානය වසන් කරමින් වෙනත් තැනක ඉන්නව වගෙ තමයි පෙන්නන්නෙ.උදාහරණයක් විදියට ඔයා ලංකාවෙ ඉදන් US VPN සර්වර් එකකින් කනෙක්ට් වෙනවනම් ඔයාගෙ Location එක පෙන්නන්නෙ US වල ඉන්න විදියට.
මේකෙන් හුගක් වාසි තියෙනව. එකක් විදියට විවිද Stream Service වලින් පනවල තියන භූ සීමාවන් මල හැරීමට මෙය උපකාර වෙනවා. උදාහරණයක් විදියට Netflix ලොකෙ අනික් අයට වඩා එක්සත් ජනපද ග්‍රාහකයන්ට වැඩි අන්තර්ගතයක් ලබාදෙනවා.ඔයා US vpn එකකින් කනෙක්ට් උනොත් ඔයාට වෙනදට වැඩිය Movies/tv series ප්‍රමාණයක් බලා ගන්න පුලුවන්

Best VPN Apps

01. Privado VPN

PrivadoVPN කියන්නෙ Unlimited Speed හා දැන්වීම් වලින් තොර මසකට 10GB Access එකක් ලබාදෙන
VPN සේවාවක්.
එසේම Netflix හා BBC iPlayer වැනි Stream Stream Service හා torrent සදහාත් සහය දක්වන එකම Free VPN එකත් Privado VPN එක.[ BBC iPlayer කියන්නෙ UK වලට පමණක් වලංගු වන Free Stream service එකක්. UK VPN එකකින්
www.bbc.co.uk/iplayer කියන වෙබ් එකට ගිහින් ඔයාලට කැමති Shows, movies බලන්න පුලුවන්]

මෙය Android සිට Windows, iOS, macOS, Fire TV සහ Android TV සියල්ල සඳහා නොමිලේ ඇතුළත් කල හැකි අතර යෙදුම බාගත කළ පසු, ඔබට ඕනෑම සේවාදායකයකට ක්ෂණිකව සම්බන්ධ වීමට, ප්‍රොටෝකෝල වෙනස් කිරීමට සහ built-in Internet Kill Switch පවා Active කල හැකියි.
මෙය 256-bit AES encryption එකක් ලබදෙනවා වගේම Free membership එක හො Subscription එකක හිටියත් කිසිදු බාදාවකින් තොරව unlimited Speed එකක් ලබාගන්න පුලුවන්.

මාසික 10GB Data ප්‍රමාණවත් නැත්තම්, වසරක Subscription එකකට මාසෙකට ඩොලර් 2.50 කට යාවත් කාලීන වන අතර එය Unlimited data, රටවල් 46තුල සියලුම සර්වර්ස් වෙත ප්‍රවේශය,සම්පූර්ණ Device 10කට සහය දක්වනු ලබනවා.

  • Free data allowance: 10GB per month with no ads, no speed limits, no logs
  • Server selection: Automatic or manual — 12 locations available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $2.50 per month [69% off exclusive offer]

02. TunnelBear free VPN


McAfee සතු TunnelBear VPN ඔයාට මා⁣සෙකට 500MB දත්ත ලබා දෙනවා. එය භාවිතා කිරීමට ඉතා සරල වන අතර ලියාපදිංචි වීමට ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නොවේ. ඔබට එක්සත් ජනපදය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ තවත් දේ ඇතුළුව, රටවල් 23 ක සේවාදායක අතර තෝරා ගත හැකිය.
එලෙසම තම මිතුරන්ට invite කලවිට මෙයින් අමතර ඩේට ලබාදීමක් සිදු කරනවා.

එලෙසම ඔයාට අමතර ඩේටා අවශ්‍යනම් paid plans සදහා Upgrade කල හැකි අතර අදාල plans $4.17 සිට ආරම්භ වනවා.

  • Free data allowance: 500MB per month
  • Server selection: Manual — 23 locations available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $4,17 per month

03. Kaspersky VPN Secure Connection


Kaspersky දිනකට 200MB දත්ත ලබා දෙන අතර එය මසකට 6GB පමණ වෙයි.

  • Free data allowance: 200MB per day
  • Server selection: Automatic
    No-logging policy: Yes
  • Paid plans: Start at $4.99 per month or $30 per year


04.Hotspot Shield free VPN for Android

Hotspot Shield දිනකට 500MB හෝ මසකට 15GB ප දත්ත ලබාදෙයි.

මෙහි ප්‍රධාන අවාසිය නම් ඔයාට සම්බන්ධ වෙන්න ඕනි Server එක තෝරාගත නොහැකි වීමයි එනම් ඇප් එක මගින් එය ස්වයංක්‍රීයව කරනු ලැබීමයි.

  • Data allowance: 500MB per day
  • Server selection: Automatic
  • No-logging policy: Yes
  • Paid plans: Start at $7.99 per month

05. Avira Phantom free VPN for Android

Avira’s Phantom නොමිලේ 500MB මාසික දත්ත ද ලබා දෙන අතර ඉහත දැක්වූ App එක මෙන් නොව මෙමගින් ඔබට Server 40කින් ඕනෑම සර්වර් එකක් තොරාගත හැිකි වනවා.

  • Data allowance: 500MB per month
  • Server selection: Manual — 40 available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $10 per month


06.Hide.me


මෙම Android VPN මඟින් ඔබට මසකට 10GB දත්ත ප්‍රමාණයක් සීමා කරයි, එසේම තෝරා ගැනීමට Server ස්ථාන පහක් ඇතුලත් වෙනවා.
(නෙදර්ලන්තය, කැනඩාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය)

ඔබට තවත් දත්ත අවශ්‍ය නම්, තෝරා ගැනීමට Paid pkans ඇති අතර මසකට $4.99 කින් ආරම්භ වෙමින් මසකට $12.95 දක්වා වැඩිවේ.

  • Data allowance: 10GB per month
  • Server selection: Manual — five available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $4.99 per month


07 Speedify free VPN for Android


Speedify මසකට 2GB ඩේටා ලබාදෙන අතර එය එක් ඩිවයිස් එකකින් පමණක් භාවිකා කල හැකිය.

අපගේ Location එක මත පදනම්ව ඇප් එක මගින් Speed ම Server එක තෝරාගන්නා අතර අවශ්‍යනම් අපටද Server තෝරා ගත හැකිය.

මෙම 2GB වලට අමතරව Unlimited Data සදහා Paid plans ඇතුලත් වන අතර මසකට $14.99 plan මෙන්ම වසර 3ක Subscription එකකදි මසකට එය $4.99 දක්වා අඩුකරනු ලබනවා.

  • Free data allowance: 2GB per month
  • Server selection: Manual — 37 locations available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $4.99 per month


08. Windscribe VPN

Windscribe VPN එක මගින් ඔබ Email address එක මගින් ලොග් වන්නේනම් පමණක් 10GB ලබාදෙන අතර එසේ නොකරන්නේනම් මසකට 2GB ඇතුලත් කරයි.
Free plan සදහා රටවල් 10ක විවිද Server ඇතුලත් වෙයි.
එසේම මසකට $9 plans ඇතුලත් වන අතර වසරක Subscription එකකදි එය $4.08 අගයක් ⁣ගනී.

 

  • Free data allowance: 2 or 10GB per month
  • Server selection: Manual — 10 locations available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $4.08 per month

09. ProtonVPN

Proton VPN ඩේටා limit එකකින් තොරව ලබාදුන්නද එය Data speed එක සාමාන්‍ය අගයකට limit කරනු ලබනවා.
මසක⁣ට $4 ආරම්භවන මෙය වසරකට $24ක Subscription එකක් ලබාදෙනවා.

  • Data allowance: Unlimited
  • Server selection: Manual — three available
  • No-logging policy: Yes
  • Paid plans: Start at $4 per month

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.