Categories

Jurassic world Dominion ශාලා වල නිකුත් වීමට පෙර torrents ඔස්සේ leak වෙයි

Jurassic world තෙවන සහ අවසාන චිත්‍රපටිය වගේම Jurassic park franchise 6 වන කොටස torrent sites සහ piracy network වෙත leak වෙලා තිබෙනවා. විවිධ size වලින්( 847 MB – 2.96 GB) සහ විවිධ quality වලින් බොහෝ පිටපත් නිකුත් වී තිබෙනවා.

බොහෝ ඒවා ව්‍යාජ පිටපත් වන අතර සමහර පිටපත් පරිගණක වයිරස් සහ malware බෙදා හැරීමට භාවිතා කරනු ලබනවා. ඒ වගේම මේ පිටපත් වෙළද දැන්වීම් අඩංගු සහ සමහර කොටස් නොමැති බවට බොහෝ අය ප්‍රකාශ කර තිබෙනවා.

Jurassic world Dominion ජුනි 1 මෙක්සිකෝවේ සහ දකුණු කොරියාවේ ද, ජුනි 2 ආර්ජන්ටිනාවේ සහ බ්‍රසීලයේද නිකුත් කරනු ලැබුවා. එසේම මෙම චිත්‍රපටය මේ වනවිට   ප්‍රංශය, ජර්මනිය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බදාදාත් ඕස්ට්‍රේලියාව, ඉතාලිය, නවසීලන්තය සහ පෘතුගාලයේ බ්‍රහස්පතින්දාත් සහ සිකුරාදා ඉන්දියාව, කැනඩාව, චීනය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ප්‍රදර්ශනය කෙරෙනු ලබනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.