Categories

Tik Tok සදහා පැමිණි Bitmoji Avatars feature එක

Tik Tok යෙදුම සදහා අලුත්ම Bitmoji වැනි Avatars feature එකක් නිකුත් කරන බව Tik Tok විසින් නිවේදනය කර තිබෙනවා. මෙයත් සමග Tik Tok යෙදුමත් avatars feature එක නිකුත් කල නවතම social media එකක් බවට පත් වෙනවා. මොකද දැනටමත් facebook,instragram, snapchat සදහා avatar feature එක ලබා දීලා තිබෙන නිසා.

Tik Tok යෙදුමේ Tik Tok camera වලට ගොස් එහි තියෙන effect section එකේ Tik Tok avatars effect මගින් මේ feature එකට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා. පරපරිශීලකයන් හට avatar effect තුළ ඇති template avatar භාවිතා කල හැකි අතර නැතිනම් තමන්ගේම avatar එකක් “New ” එබීමෙන් සකසා ගත හැකියි. ඔවුන්ට නව avatars hairstyles, accessories, piercings සහ makeup යනාදියෙන් සකසාගන්න පුලුවන්.

එසේම පරිශීලකයන්ට ඔවුන් කැමති voice effect එකක් තෝරාගෙන mic එකට කතා කිරීමෙන් avatars සදහා නව voice එකක් ද ලබා දීමට හැකියි.

Tik Tok පවසන්නේ සියලුම පරිශීලකයන්ට මෙය ආකර්ශණය වීම සදහා නිරන්තරයෙන් වැඩිදියුණු කරන බවයි.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.