Categories

iOS 15 Features ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ගමුද..!

ඇපල් විසින් පසුගිය දවස්වල iOS 15 එලිදැක්වුවා. Android පරිශීලකයන්ට iOS 15 features යම් ආකාරයකින් විවිද යෙදුම් හරහා ලබාගැනීමට පුලුවන්. ඉතින් iOS 15 එකෙහි තියන අලුත්ම features අපෙ android phone එකට ගන්න හැටි අද බලමු.

1. Live Text Alternative – Google Lens

iOS 15 වල වඩාත් ආකර්ෂණීයම අංගය තමයි Live text එක. මේකෙදි පරිශීලකයන්ට ඡායාරුපවල ඇති text හදුනගෙන එ්ක Clipboard එකට Copy කරගන්න, ඇප් අතර Drag and drop කිරීමට පහසුකම් සලසනවා.

ඔයා Android පරිශීලකයෙක්නම් මෙහි ඇති විශේෂාංග බොහොමයක් google lens හරහා ලබා ගැනීම⁣ට පුලුවන්.

Download GOOGLE LENS

2. Notification Summary – Daywise,Post Box, Buzzkill

iOS 15 හි Notification Summary මගින් Group notification ඔබට කැමති වේලාවකට ලබාදෙනවා. එයින් දවසේ නිශ්චිත වේලාවන්හි දැනුම්දීමේ සාරාංශයක් ලබා ගැනීමට පුලුවන්.

ඔයා Android user කෙනෙක්නම් මෙම ඇප් භාවිතා කරන්න පුලුවන්.

•Daywise

Download Daywise

• Post Box

Download Post BOX

•Buzzkill

Download Buzzkill

3. Apple Phitos Memories – Google Photos Memories


iOS 15 හි Native photos ඇප් එකට memories feature එකක් එකතු කරලා තිබෙනවා.

ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකේ Past trip හා විශේෂ අවස්ථාවන් පිලිබද memories දකින්න කැමතිනම් Google photos ඒ සදහා භාවිතා කරන්න පුලුවන්.

Download Google Photos

4. Hide my Email – Firefox Relay or Simple login

පරිශීලකයන් iCloud+ subscription එකට upgrade උනොත් ඔවුන්ට Email aliases එකක් නිර්මාණය කරගන්න පුලුවන් අලුත්ම iOS 15 feature එක තමයි Hide my email feature එක. මෙය අපෙගේ පෞද්ගලික email එක ආරක්ෂා කරගැනීමට හා online services සදහා අන්වර්ථ ලෙස sign වීමට උපකාරි වෙනවා.
අන්වර්ථ(alias) email එකට යවන සේරම මේල් අපි ලින්ක් කරලා තියන මේල් එකට Automatically forward වෙනවා. අපට ඕනම වෙලාවක මේ alias email එක අයින් කරන්න වගේම ඇප් එකකින් හෝ සර්විස් එකකින් එන ඊමේල් නවත්වන්නත් පුලුවන්.

Android device එකට මේ feature එක අවශ්‍ය නම් ඔයාට Firefox Relay or Simple login භාවිතා කරන්න පුලුවන්.
Firefox relay සතුව android app එකක් නොමැති නිසා ඉක්මනින් ප්‍රවේශ වීමටනම් email elias එක කීබෝර්ඩ් එකෙහි clipboard එකට copy කර ගැනීමට සිදුවෙනවා. එමෙන්ම මේ සදහා ඔබට Simplelogin ද පරික්ෂා කර බලන්න පුලුවන්.

5 . Shareplay – Spotify

iOS 15 වල හොදම feature එකක් වෙන්නෙ Facetime හරහා මිතුරන් සමග චිත්‍රපටි නැරඹීමට හෝ සංගීතය රසවිදීමට Shareplay ඒකාබද්ද කිරීමයි.

Android වලදී ඕනැම stream එකකිින් චිත්‍රපට මිතුරන් සමග stream කල නොැකි අතර Spotify හෝ Discord මේ සදහා භාවිත කිරීමට පුලුවන්.

Download Spotify

6. Apple Maps AR Navigation – Google Maps


WWDC 2021 ප්‍රකාශ කරලා තියන විදියට Apple Map වලට අවසානෙදි AR Navigation සහය එකතු කරලා තියෙනවා.

Google Map වල 2019 සිට මෙම පහසුකම තිබූ අතර හොදම දේ නම් AR සහය ඇතිව එය දැන් iPhone වල භාවිතා කරන්න පුලුවන්. කොහොම උනත් ඔබ ඉන්න කලාපය අනුව ලබා ගැනීමේ හැකියාව වෙනස් වනවා.
3D view,detailed transit ඇතුලු නව ඇපල් විශේෂාංගයන් සදහා දැන් Google map භාවිතා කිරීමට පුලුවන්.

7.Built in Authenticator in iOS 15- Authy

iOS 15 ඉදන් ඇපල් ඔබේ ප්‍රියතම ඇප් වලට Two factor Authentication සදහා verifycation Codes generate කරන්න Authenticator එකක් එකතු කරලා තිබෙනවා.

එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් තුල එවැනි සේවාවක් නොමැති අතර Authy, Google Authenticator හෝ Microsoft Authenticator වැනි සේවාවක් භාවිකා කල හැකියි.
Authy එක මෙතිනන් recommend කරනවා මොකද ඒක multi device support නිසා.

Download Authy

8. Face Time on Android

ඔබට දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට ෆේස් ටයිම් ඇප් එක ලබාගන්න හැකියාව පවතිනවා.

ඒ වගේම මේක අවුල් වගේ නම් ඔයාලට Zoom, Google meet හා Microsoft Teams වැනි සම්මන්ත්‍රන යෙදුම් උත්සහ කරලා බලන්න පුලුවන්.