Categories

Vivo පියාසර කැමරා පද්ධතියක් සහිත ජංගම දුරකථනයක වැඩ අරඹයි.


චීනයේ දැවැන්තයෙකු වන Vivo වෙන්කල හැකි Flying camera system එකක් සහිත ජංගම දුරකථනයක් නිපදවීමට වැඩ අරඹා තිබෙනවා. මේකෙදි දුරකථනයෙන් කැමරා මොඩියුල් එක වෙන් කරලා අහසේ පියාසර කිරීමට හැකි වන අතර පරිශීලකයන්ට තම දුරකථනයේ කැමරාවෙන් ඡායාරුප ලබාගැනිමට හැකි වනවා.

Vivo 2020 දී ලෝක බුද්ධිමය දේපල කාර්යාලයට(WIPO) “electronic device” ලෙස නම්කල උපාංගයක් සදහා පේටන්ට් බලපත්‍රයක් ගොනු කර තිබුනු අතර පිටු 20ක ලේඛනය මැතකදී බලධාරීන් විසින් නිකුත් කලා.

මෙහි dual camera setup,three proximity sensors හා අතිරේක බැටරි යුනිට් එකක් ඇතුලත් වෙනවා. මෙම මොඩියුලය උපාංගය තුල සගවා අැති අතර යටින් Mounting bracket එක පහතට ගැනීමට හැකි වන ලෙස සකසා ⁣තිබෙනවා.

Mounting bracket එක පසුව කැමරා මොඩියුල් එකෙන් වෙන් කර පසුව පරිශීලකයන්ට ඒකාබද්ධ ප්‍රචාලක හතරේ ආධාරයෙන් කැමරා මොඩියුලය පියාසර කිරීමට හැකි වනවා.
ඩ්‍රෝනයක් වැනි කැමරා පද්ධතිය ස්මාර්ට් ජංගම දුරකථනය හරහාම පාලනය වන අතර විවිද කෝණයන්ගෙන් වීඩියෝ හා ඡායාරුප ලබාගැනිමට භාවිතා කිරීමට පුලුවන්.

පේටන්ට් බලපත්‍රයට අනුව එක් කැමරාවක් මොඩියුලයේ මුදුනේද අනෙක් කැමරාව ඉදිරිපස සවිකර තිබෙනවා. ඒ ඩ්‍රෝන යානාව ගුවනෙහි රැදී සිටින විට විවිධ කෝණයන්ගෙන් දර්ශන ලබා ගැනීමටයි. ඒවගේම ඔබට කැමරා මොඩියුලයට අතිරේඛ කැමරා සංවේදක එකතු කිරීමේ හැකියාවක් පවතිනවා.

පියාසැරිය අතරතුර සුලං කැලඹීම හේතුවෙන් සංයුක්ත කැමරා මොඩියුලය ස්ථාවර කිරීමේ ගැටලු වලට මුහුන දීමට සමාගමට සිදුවනු ඇති. කොහොම උනත් Vivo විසින් පසුගිය වසරේ සිය X50 උපාංගය තුල ගිම්බල් ස්ථායි කැමරා පද්ධතියක් ස්ථාපනය කර ඇති බැවින් සමාගමට එය පියාසර කැමරා පද්ධතියට ඒකාබද්ධ කිරීමට පුලුවන්.
බාධක ගැන විමසා බැලූ විට සමීප සංවේදක වලට පිංසිද්ධවෙන්න කැමරා මොඩියුලයට ආසන්න වස්තූන් හදුනාගෙන ගැටීම් වැලැක්වීමට හැකි වනවා ඇති.

අවසාන වශයෙන් Vivo වෙතින් සුවිශේෂී ව්‍යාපෘති ගණනාවකට හිමිකම් කියනු ලබනවා.එමෙන්ම වර්ණය වෙනස් කල හැකි back pannel හා භ්‍රමණය කල හැකි භෞතික යතුරු පුවරුවක් වැනි දේවල් සදහා සමාගම පේටන්ට් බලපත්‍ර ගොනු කර තිබෙනවා.

ඒ් වගේම සමාගමේ මෙම ඩ්‍රෝන කැමරා සිස්ටම් එක සාර්ථක වුවහොත් ස්මාර්ට් ෆෝන් කර්මාන්තය තුල විප්ලවීය වෙනසක් සිද්ද වෙන්න පුලුවන්.