Categories

Play Store තුල ව්‍යාජ Cryptomining apps විශාල ප්‍රමාණයක් – $350 000කට අධික මුදලක් සොරාගනී.

පහුගිය මාස කීපය තුුල bicoin වගේ Cryptocurrency වල වටිනාකම අඩක් පමණ අහිමි වී තිබුනත් තවමත් ලාභදායි කර්මාන්තයක් විදියට මේක බොහෝ පිරිසක් කරගෙන යනු ලබනවා.
හිතන්න මේකෙන් අසාධාරණ අයුරින් වාසි ලබන පිරිසකුත් ඉන්නවා.

පසුගිය දිනක ආරක්ෂක සමාගමක් අනාවරණය කලේ Play Store හි ඇති
ඇන්ඩ්‍රොයිඩ් ඇප් 170කට අධික ප්‍රමාණයන් විසින් Crypto පරිශීලකයන් 93 000 පමණ වංචාවට ලක්කර ඇති බවයි.

Lookout Threat Lab හි ආරක්ෂක පර්යේෂකයන් Playstore තුලින් Didn’t do anything malicious ඇප් 25ක් සොයාගනු ලැබුවා.
විශේෂත්වය නම් ඒවා කිසිවක් නොකිරීමයි.

BitScam හා CloudScam යනුවෙන් වර්ගීකරණය කර ඇති මෙම ඇප් පරිශීලකයන්ගේ Handsetsවල අමතර බලයන් එක්රැස් කිරීම හා සියලු දෙනා අතර ලාභය බෙදා ගැනීම ඇතුලු Cloud based Cryptocurrency mining සේවාවන් ලබා දෙන බව කියා සිටි අතර ඇප් බොහොමයක් Subscription හා upgrade සදහා අමතර ගාස්තු ලෙස $12.99 සිට $259.99 දක්වා වූ මුදලක් අයකරගෙන තිබුනා.
Bitcoin හා Ethereum Crypto payment ලෙස පිලිගැනුනත් පර්යේෂකයන් සොයා ගත්තේ මොවුන් සත්‍යවශයෙන් Mining සිදු නොකරන බවයි.

අවම Withdrawal balance එකට ලගාවෙනකන් මුදල් ලබාගැනීමට නොහැකි නිසාම පරිශීලකයන් බොහොමයක් මේ ගැන නොදැන සිටි අතරම ඔවුන් එම මුදලට ලගාවූ පසුත් Withdraw කිරීමේදි දිස්වූයේ error message එකක් පමණි.

App selling වලින්ම මොවුන් $300 000 පමණ උපයා ඇති අතර ව්‍යාජ වැඩිදියුණු කිරීම් හා සේවාවන් වලින් $50 000 ක් උපයා තිබෙනවා.

කොහොම උනත් ගූගල් විසින් Playstore වෙතින් මේ ඇප් ඉවත් කරන්න කටයුතු කරලා තිබෙනවා.
අවසානෙට,Third pary Store වල මේ වගේ ඇප් දුසිම් ගණනක් සංසරණය වෙමින් තියන නිසාම හැම වෙලාවෙම ඇප් ගද්දි සැලකිලිමත් වෙන්න.