Categories

satellites සදහා සෘජු සම්බන්ධතාවක් ලබාදෙන Android 14

ස්මාර්ට්ෆෝන් වෙත සෘජු චන්ද්‍රිකා සම්බන්ධතාවයක් ගෙන ඒමට ක්‍රියා කරන එකම ඒවා SpaceX සහ T-Mobile නොවන බව තහවුරු  කරමින් Google සමාගමද මෙම තරගයට අවතීර්ණ යී ති⁣බෙනවා. ඒ අනුව Android හි මීළඟ අනුවාදය එනම් Android 14 ස්මාර්ට් ජංගම දුරකථනය සදහා චන්ද්‍රිකා සම්බන්ධතා සහය ගෙන එන බව ඔවුන් නිවේදනය කරනු ලැබුවා.

Google හි Platforms & Ecosystems හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Hiroshi Lockheimer ට්වීට් කර තිබුනේ” අපි චන්ද්‍රිකා සඳහා නිර්මාණය කරනවා. නියමයි. ඇන්ඩ්‍රොයිඩ් හි මීළඟ අනුවාදයේ මේ සියල්ල සක්‍රීය කිරීමට අපගේ හවුල්කරුවන්ට සහාය වීමට ලැබීම සතුටට කරුණක්!. 

 Android 14 මෙහෙයුම් පද්ධතිය 2023 මැද හෝ අග  පැමිණීමට නියමිත වනවා. පසුගිය සතියේ Space Explored සඳහන් කළ පරිදි , “සෙලියුලර් කලාපයකට මෙගාබිට් දෙකේ සිට හතර දක්වා Bandwidth එකක් සහිතව” චන්ද්‍රිකා සම්බන්ධතාවය නියත වශයෙන්ම වේගය, සම්බන්ධතාව සහ අන්තර්ක්‍රියා කාලය වැඩි දියුණු කිරීමට නියමිතයි.

Source – 9to5google

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.