Categories

google play store වලින් ඇප් 8ක් ඉවතට

මේ malware ඇප් හරහා පරිශීලකයාගේ දුරකථනයට ඇතුළු වී රහසිගතව දත්ත සොරකම් කරනු ලබනවා. පසුගිය අවුරුදු 3ම google play store හරහා මේ malware දකින්න ලැබුණා. මෑතකදි Quick Heal Security කරපු පරික්ශාවකින් malware සහිත ඇප් 8ක් සොයාගන්න ලැබීමත් සමග තමා මේ ඇප් 8 google play store වලින් ඉවත් කරන්න කටයුතු කලේ.

Auxuliary Massage
Fast Magic SMS
Free Camscanner
Super Massage
Element Scanner
Go Massages
Travel Wallpapers
Super SMS

මේ ඇප් දුරකථනයේ launch කරද්දි notification access වගේම contact access ඉල්ලනවා. ඒවා allow කිරීමත් සමග පරිශීලකයාට නොදැනෙන විදියට දුරකථනයේ දත්ත සොරකම් කරනු ලබනවා.

මේ malware applications, scanner applications,wallpapers appications,massage applications විදියට google play store වල තියෙන්න පුලුවන් කියලා තමා cybersecurity කියන්නේ.
ඒවගේම ඔවුන් පරිශීලකයන්ට කියන්නේ විශ්වාසදායක යෙදුම් පමණක් භාවිතා කරන්න කියලයි.

Written By Chamika Sahan Samarakoon