Categories

Google හා Samsung අත්වැල් බැදගනියි

Android device සහ apps අතර පරිශීලක සෞඛ්‍ය දත්ත sync කිරීම සදහා සංවර්ධකයින්ට toolset ලබාදීමට health connect, platform and application programming interface (API) එකක් නිර්මාණය කිරීමට google හා samsung හවුල් වී තිබෙනවා. මෙම වේදිකාව වේදිකා හරහා ඔවුන්ගේ සෞඛ්‍ය සහ යෝග්‍යතා දත්ත නිරීක්ෂණය කිරීමට පරිශීලකයින්ට ඇති හැකියාව පහසු වෙනවා.

පරිශීලකයින් වේදිකාවට ඇතුළු වී ඔවුන් ඔවුන්ගේ කැමැත්ත ලබා දුන් පසු, සංවර්ධකයින්ට පරිශීලකයාගේ උපාංගයක ඇති encrypted hub එකක පරිශීලක සෞඛ්‍ය දත්ත සම්පාදනය කළ හැකි වෙනවා. Google පැවසුවේ පරිශීලකයින්ට ඔවුන් බෙදා ගන්නා දත්ත සහ ඔවුන් ඒවා බෙදා ගන්නා යෙදුම් පිළිබඳ පූර්ණ පාලනය ලබා ගත හැකි බවයි. මෙම Health Connect  එක activity, cycle tracking, body measurement, sleep, nutrition, සහ vitals වැනි කාණ්ඩවල දත්ත වර්ග 50කට වඩා සහය දක්වනවා.

“හෙල්ත් කනෙක්ට් හි සම්පූර්ණ ප්‍රතිලාභ සහ විභවයන් සාක්ෂාත් කර ගැනීමට අපි ගූගල් සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන්නෙමු” යනුවෙන් Samsung විධායක උප සභාපති TaeJong Jay Yang මහතා මාධ්‍ය සටහනක පවසා තිබෙනවා.

දැනට, Health Connect බීටා එකක් වන අතර සියලුම Android සංවර්ධකයින්ට ප්‍රවේශ විය හැකියි. Samsung වලට අමතරව, Google විසින් Leap Fitness, MyFitnessPal, සහ Withings හි සංවර්ධකයින් සමඟ මුල් ප්‍රවේශ වැඩසටහනක කටයුතු කරනු ලබනවා. එසේම මෙය මේ වසර අගදී නිකුත් කිරීමට අපේක්ශා කරනු ලබනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.