Categories

ඕනෑම PDF එකකින් තොරතුරු ලබා ගැනීමට, ප්‍රශ්ණ ඇසීමට, ප්‍රශ්ණ සකස් කිරීමට ඉඩ සලසන ChatPDF

ChatPDF කියන්නේ ඕනෑම PDF එකක් කියවීම සඳහා සහය වන free online tool එකක්. පරිශීළකයන්ට තමන්ගේ PDF file එක මේ platform එකට upload කරලා PDF file එකේ තියෙන පරිශීළකයාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට, PDF එක ඇසුරින් ප්‍රශ්ණ සහ පිළිතුරු සකස් කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

ChatPDF භාවිතා කරන්නේ කොහොමද ?

ඇත්තටම ChatPDF භාවිතා කරන්න ගොඩක් ලේසියි. මොකද ලියාපදිංචි වෙන්නෙ නැතුව වුණත් අපිට මේ Tool එක භාවිතා කරන්න පුලුවන්.

ChatPDF වෙබ් අඩවියට ගිහින් අදාල PDF file එක drag and drop කරලා ඔයාට මේ ChatPDF පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්.

 

ඒ වගේම ChatGPT හා සමාන interface එකක් ChatPDF වලදි අපිට බලාගන්න පුලුවන්.

වම් පැත්තෙන් ඔයාට new chat එකක් open කරගන්න පුලුවන් අලුතෙන් PDF file එකක් upload කරලා.

ඒ වගේම මැදින් බලාගන්න පුලුවන් ඔයා upload කරපු PDF file එක.

දකුණු පැත්තෙන් ඔයාට බලාගන්න පුලුවන් Chat interface එක. මෙතනින් ඔයාට ඔයාගේ PDF එක සම්බන්ධ ඕනම ප්‍රශ්ණයක් අහන්න හැකියාව ලැබෙනවා.

පහළ තියෙන්නේ මම අප්ලොඩ් කරපු networking assignment එකට අදාලව මම අහපු ප්‍රශ්ණ කිහිපයක්.

මේ tool එක සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න බැහැ. නොමිලේ භාවිතා කරනවා නම් දිනකට පිටු 120 සහ 10MB PDF file 3ක් upload කළ හැකි වෙනවා.

ඒ වගේම ChatPDF plus එක ඔයාට අවශ්‍ය නම් මසකට $5ක මුදලකට ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්. දවසකට පිටු 2000 ක් සහ 32MB වලට වැඩි PDF 50ක් upload කරන්න හැකියාව ලැබෙනවා

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.