Categories

Arduino යනු කුමක්ද?

No description available.

Arduino යනු පහසුවෙන් භාවිතා කළ හැකි දෘඩාංග සහ මෘදුකාංග (Hardware and software) මත පදනම් වූ open source electronic platform එකකි. Arduino පුවරුවලට ආදාන(Inputs) කියවීමට හැකිය.Arduino භාවිත කර බල්බයක් නිවිනිවී දැල්වෙන තැන සිට අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඔබේ නිවසේ විදුලි බල්බයක් දැල්වීමට පරිපථ නිර්මාණය කිරීමට,ඔබ විසින් ලබාදෙන ආදන(Inputs) හරහා ක්‍රියාකරන රොබෝ කෙනෙක් නිර්මාණය කිරීමට හැකියාව පවතී.

වසර ගණනාවක් පුරා Arduino එදිනෙදා භාවිතවන දේ සිට සංකීර්ණ විද්‍යාත්මක උපකරණ දක්වා ව්‍යාපෘති දහස් ගණනක මොළය වී ඇත. ලොව පුරා නිෂ්පාදකයින්,සිසුන්,ක්‍රමලේඛකයින් මෙම Open source platformඑක වටා එක්රැස් වී ඇති අතර, ඔවුන්ගේ දායකත්වය නවකයින්ට(beginners) මහත් උපකාරයක් වී ඇත.

අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිලිබදව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක්(platform) සකස් කර දීමයි.මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ. GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග(Software and hardware) ලෙස මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.

පහත දැක්වෙන්නෙ වඩාත් ජනප්‍රිය Arduino පුවරු කිහිපයක නම් සහ ඒ පිලිබද කෙටි හැදින්වීමකි.

No description available.

•Arduino Uno
මුල සිටම ඉගෙන ගන්නා කෙනෙක්ට පාවිච්චියට recommend කරන්න පුලුවන් මේ බෝර්ඩ් එක. නැනො එකට වඩා මදක් විශාලයි.
•Arduino Leonardo
Arduino Leonardo පුවරුව නිර්මාණයේදී තනි චිපයක් මත කාර්යයන් ගණනාවක් සිදු කිරීමේ හැකියාව සහිත පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් ලබා දීම අරමුණු කර ගෙන ඇත.එය අදාළ ව්‍යාපෘතියේ ස්වයංක්‍රීයකරණය සඳහා අවශ්‍ය සියල්ල ඇතුළත් කරයි. මෙම උපාංගය USB කේබලය සමඟ සම්බන්ධ කර හෝ DC ඇඩැප්ටරය භාවිතයෙන් එය ක්‍රියාත්මක කල හැක.
•Arduino Mega
අනෙකුත් බොර්ඩ් දෙකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. පින් ප්‍රමානය වැඩි. ලොකු රොබෝ කෙනෙක් වගෙ එකම බෝර්ඩ් එකකින් හදන්න බලනව නම් මේක හොදයි.තව ගොඩක් වැඩ පුලුවන්.
•Arduino Yún
Arduino Yún යනු අන් කිසිවකට වඩා වෙනස් Arduino පුවරුවකි. ක්‍රමලේඛනය කිරීම අතින් එය Arduino leonardo පුවරුවට බොහෝ සෙයින් සමාන වන අතර Atmel ATmega32U4 ප්‍රොසෙසරයක් භාවිතා කරයි, එයට අතිරේක ප්‍රොසෙසරයක් ඇත
•Arduino Due
Arduino Due යනු බිටු 32ක ARM මධ්‍ය ක්ෂුද්‍ර පාලකයක්(32 bit ARM central microcontroller) මත පදනම් වූ පළමු Arduino පුවරුවයි.මෙය ප්‍රබල මහා පරිමාණ ආර්ඩුයිනෝ ව්‍යාපෘති සඳහා කදිම පුවරුව වේ. Arduino Due යනු Atmel SAM3X8E ARM Cortex-M3 CPU මත පදනම් වූ ක්ෂුද්‍ර පාලක මණ්ඩලයකි.
•Arduino Mini/nano
මෙය අනිත් බෝර්ඩ් දෙකට වඩා ප්‍රමාණයෙන් කුඩයි. එම නිසා මෙහි පින් අඩුයි.
•Arduino Micro
මෙය දැනට තිබෙන කුඩාම අනෙත් arduino සියල්ලටම
වඩා කුඩා පරිපතයයි.

Arduino පුවරු ප්‍රෝගෑම් කිරීමට කොම්පියුටර් එකක් ඕන වෙනවා. කොම්පියුටර් එකක් නැත්නම් otg සපොට් කරන ස්මාර්ට් පෝන් එකකින් උනත් අපට ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන්.Arduinoවල Programming Language එක ලෙස භාවිත වන්නේ C Language එකට සමාන භාශාවක් නමුත් අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්.

කොහොමද ප්‍රොජෙක්ට් එකක් සාදන්නෙ ?

ඒකට Board එක විතරක් තිබුණට මදි, මොකද අපි කරන්න යන නිර්මාණයෙදි විවිධ ආදාන හා ප්‍රතිදාන (Input/output) ලබාදෙන්න සිද්ධ වෙනවා.
ඉතින් මේ Board එකට සම්බන්ධ කරන විවිධ Sensors එහෙම තියෙනවා.
උදා:- උශ්ණත්වයට අනුව ක්‍රියාකරන පරිපථයක් සාදන්නේ නම් උශ්ණත්ව සංවේදකයක් අවශ්‍ය වෙනවා.
යමක් Display කිරීමට් අවශ්‍යනම් කුඩා LCD එකක් අවශ්‍ය වෙනවා.
අන්තර්ජලය හරහා යමක් පාලනය කරනවානම් Ethernet Shield එකක් අවශ්‍ය වෙනවා.
දුර මැනීමක් කරන්න වෙනවානම් Ultrasonic Sensor එකක් ගන්න පුළුවන්.
ඔය වගේ අපට එක එක දේවල් කිරීමට සෙන්සර් භාවිතා කිරීමට සිදු වෙනවා.

ඊලග post එකෙන් Arduino board එකක් පාවිච්ච් කරල LED එකක් Blink කරන්නෙ කොහොමද කියල කියල දෙන්නම්. සහ Arduino board වර්ග ගැන පැහැදිලි කරන්නම්.

content write – srimal tharupathi