Categories

Arduino ගැන දැනගමු

ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා අපි Arduino කොහොමද පටන්ගන්නෙ?කොහෙන්ද පටන්ගන්න ඕන? කියන එක සහ Arduino පටන්ගන්නකොට ඔයලට තියෙන ප්‍රශ්න ටිකක් ගැන අපි මේකෙදි කතාකරමු.

ඉස්සරලාම කියන්න ඕන පොඩි Led එකක් blink කරන තැන් ඉදන් Robotics පැත්තට යනකම්ම යන්න පුලුවන් field එකක්.Arduino programing කරන්න නම් අපිගාව Arduino board එකක් තියෙන්න ඕන.වෙලදපොලේ තියෙනව එක එක වර්ගයේ Arduino board.Original එක තියෙනව ඒ වගේම Competible versions තියෙනව.ලංකාවෙ ගොඩක් අය ගන්නෙ competible versions.කිසිම අවුලක් නැතුව හොදට පාවිච්චි කරන්න පුලුවන්.ගානත් අඩුයි.Arduino Uno,Arduino nano,Arduino micro වගේ එක එක නම්වලින් board තියෙනව.ඔයා biginer කෙනෙක් නම්,ඔයා දැන්නම් start කරන්නෙ ඔයා එහෙනම් ගන්න ඕන Arduino Uno board එකක්.අනිත් ඒවගෙනුත් පටන්ගන්න පුලුවන් ඒවට වඩා මේක පහසුයි.

Arduino uno board එකක් ලංකාවෙන් ගන්න පුලුවන් රු.1200 වගේ ගානකට.ඔයා ebay,aliexpress වගේ site වලින් purchase කරන කෙනෙක්නම් රු.900 – 1000 අතර මුදලකට ඔයාට ගන්න පුලුවන්.

• ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා අපි Arduino පටන් ගන්නකොට අපිට ඉලෙක්ට්‍රොනික් දැනුම තියෙන්න ඕනද කියන එක.
*ඒකට උත්තරේ විදියට මම කියන්නම් ඉලෙක්ට්‍රොනික් දැනුම සාමාන්‍යයෙන් පොඩ්ඩක් තියෙන්න ඕන.මම හිතනව ඔයාලට පොඩිකාලෙ බැට්රියකට වයර් දෙකක් අමුණල Led එකක් පත්තු කරගන්න,මෝටරයක් කරකව ගන්න වගේ දේවල් පුලුවන් වෙන්න ඇති කියල.ලොකු දැනුමක් ඕන නෑ.අවශ්‍ය කරන හැම දෙයක්ම මේ post series එකෙන් ඔයාලට කියල දෙන්නම්.

•ඊලගට ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමා අපි programing දැනගෙන ඉන්න ඕනද කියන එක.
*මේකට සරලව උත්තරයක් දෙන්නම්.දැනගෙන ඉන්නම ඕන නෑ.මොකක්හරි programing language එකක් දැනගෙන හිටියහම ඔයාට ලේසියි.හැමදෙයක්ම මේ post series එකෙන් කියල දෙනව.

අපි දැන් බලමු Arduino board එකට code එකක් upload කරන්නෙ කොහොමද කියල.

ඒකට ඔයාලට ඕන වෙනව Arduino board එකයි ඒක ගන්නකොට ඔයාලට හම්බවෙන cable එකයි.ඒ cable එක connect කරගන්න ඕන Arduino board එකට.cable එකේ usb කොටස plug කරන්න ඕන desktop එකට හෝ laptop එකට.

Arduino software එක ඔයා තවමත් ඔයාගෙ පරිගණකට install කරල නැත්නම් මුලින්ම යන්න Arduino.cc site එකට.ඒකෙ Software Tab එක select කරල එතනින් ඔයලට Download කරගන්න පුලුවන්.නැත්නම් පහල link එකෙන් Arduino site එකේ Download page එකටම යන්න පුලුවන්.ඔයා use කරන os එක select කරල download කරගන්න පුලුවන්.

ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න

ඊටපස්සෙ ඔයා ඒක install කරගන්න ඕන.local software එකක් install කරනව වගේම තමයි install කරන්න ඕන.මම හිතනව ඔයාට ඒක කරගන්න පුලුවන් වෙයි කියල.

අපි ඊලග post එකෙන් කතා කරමු Arduino board එකට Arduino software එක use කරල code එකක් ලියල upload කරන විදිහ.(Led එකක් blink කරන විදියත් ඊලග post එකෙන් කියල දෙනව.)

written by srimal tharupathi