Categories

Google Photos Unlimited storage plan එක හෙටින් අවසන්..

 

ඔයාලා දන්නවා හෙටින් Google Photos හි Unlimited Storage Plan එක අවසන් වෙනවා කියලා. 15GB ලිමිට් එකකට අපිට upload කරන්න පුලුවන් දැනට.

Google තවත් සුපිරි feature එකක් විනාශ කරපු එකට තරහකුත් එනවා නේද..

ඉතින් ඔයාලා මේකෙ ඩේටා export කරගන්නෙ කොහොමද, විකල්ප සේවාවන් තියනවද,ඒ මොනවද මේ ලිපිය ඒ ගැන..

මුලින්ම ඔයාලා දැනගන්න ඕනි Google photos හි කොච්චරක් store කරලා තියනවද කියලා.

මෙතනින් ගිහින් ඒක බලාගන්න පුලුවන්.

https://accounts.google.com/ServiceLogin/webreauth?service=lh2&passive=1209600&osid=1&continue=https%3A%2F%2Fphotos.google.com%2Fstorage&followup=https%3A%2F%2Fphotos.google.com%2Fstorage&authuser=0&flowName=GlifWebSignIn&flowEntry=ServiceLogin

 

Google වලින් 15GB free storage එකක් offer කරනවා, Storage full නම් අනවශ්‍ය ලිපි ඉවත් කරන්න පුලුවන්.
Compressed ඉමේජ් 1-4MB ඉඩක් තමයි ගන්නෙ ඉතින් ඔයාලට GB එකක ඡායාරූප 300කට වඩා ගබඩා කරන්න පුලුවන්.

•Export කරන්නෙ කොහොමද..

Google Photos වල Setting වලට යන්න. ඒකෙ Export data කොටසට යන්න,ඊට පහලින් තියන Backup බටන් එක ක්ලික් කරන්න.
දැන් එන Screen එකේ Export frequency එක,ෆයිල් ටයිප් එක (.zip/.tgz), file එකක සයිස් එක තෝරලා Create export බටන් එක ක්ලික් කරන්න.

මේකට පැය කීපයක් ගතවෙනවා, Email එකක් එනවා file එක download කරගන්න ready උනාම.

•විකල්ප විසදුම් තියනවද…?

Photo storage service එක දෙන එකම සමාගම ගූගල් නෙමෙයි.

 

• Google One

Google වලින් 15GB free storage එකක් දෙනවා.
ඔයාලට ඊට වැඩියෙන් storage එකක් ඕනිනම් හරි වෙන සර්විස් එකක export කරන එක කරදරයිනම් හරි Google paid plans එකක් Offer කරනවා , $1.99කට 100GB.

•iCloud(5GB free storage)

iphone users ලට හොදම විකල්පය තමයි මේක.
iCloud අපේ iphone,Macbackups,file,iMessage,Chat,හා Password සේරම host කරන එක වැදගත්.
මාසෙකට 0.99 ගෙවිමකින් 50GB Storage එකක් එකතු කරගන්න පුලුවන්.

•Dropbox(2GB free storage )

Dropbox විවිධ ගබඩා විකල්පයන් ලබාදෙනවා වගේම iOS,Android,Windows හා Mac වලින් photo backup කරන්න විශේෂ photos product එකක් තියනවා.

Personal හා professional ලෙස සැලසුම් දෙකකට මේක ක්‍රියාත්මක වෙනවා.මාසෙට $9.99 කට 2TB storage එකක් ගන්න පුලුවන්.

•Flickr (1000 images)

Flickr, iCloud හා Dropbox වෙනස්වෙන අතර high quality photos store කරන්න හොදම සර්විස් එකක් කියලා කියන්න පුලුවන්.

Storage ලිමිට් එකක් නැතුව image 1000ක් අප්ලෝඩ් කරන්න පුලුවන්.
අධික ඡායාරූප ගානක් තියනවනම් මාසෙකට ඩො.5.99කට ගැලපෙනම plan එක තෝරගන්න පුලුවන්.
වර්ෂයකට pay කරනවනම් ඇත්තටම Unlimited storege එකක් දෙනවා එනිසා photos වල size එක quality එක ගැන limite එකක් නැහැ.

•ImageShack(no free tier)

ඔයා photos store කරන්න Flickr ට වඩා ලාභ විකල්පයක් හොයනවා නම්
ImageShack තමයි හොදම එක.මේකට free storage එකක් නැහැ,නමුත් එයින් මසකට $3.99හෝ වසරකට $37.99කට unlimited storage එකක් ලැබෙනවා.

•OneDrive(5GB free storage )

මයික්‍රෝසොෆ්ට් හි storage service එක මගින් 5GB free storage එකක් ලබාදෙනවා. වැඩියෙන් ගන්න 1TB එකකට වසරකට $69.99ක් ගෙවිය යුතුවෙනවා.
එසේම එයින් ඔබට Excel,Word,Powerpoint වගේ office ඇප් වලට access කරන්න පුලුවන්.

ඔයාගාව photos දහස්ගනනක් නැත්තම් Google Photos එක use කරන්න පුලුවන් ගැටලුවක් නැතුව මොකද 15GB free storage එකක් දෙන නිසා,
නැත්තම් ෆොටෝස් ටොන් ගානක් තියෙනවනම්
Flickr /ImageShack වගේ service එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.

 

Article Written By  Sahan Nimesha samarakon