සෙල්ලම් බඩු නිශ්පාදන සමාගමක් වන VTech හී co – founder Allan Wong පවසන්නේ AI සමඟින් එන Teddy Bears ඉදිරියේදී දෙමව්පියන්ට විකල්පයක් ලබා දෙන බවයි.
ඒ අනුව මෙම ChatGPT model teddy bears සෙල්ලම් බඩු මගින් කුඩා ලමයින් පවසන සෑම දෙයකටම සවන් දෙමින් එම දත්ත හරහා ඔවුන්ටම ආවේණික කතන්දර (bed time tales) නිර්මාණය කරනු ලබනවා.
වොන්ග් සඳහන් කරන්නේ මේ හරහා දෙමව්පියන්ට ඔවුන්ගේ වෙනත් ක්රියාකාරකම් කිරීම සඳහා දරුවන් ඔවුන්ගෙන් නිදහස් කරන බවයි. එසේම මෙම සෙල්ලම් බඩුවට දරුවන්ගේ දෛනික ජීවිතයේ වැඩි විස්තර පවා ඇතුළත් කළ හැකි වන අතර ඒ හරහා කුඩා දරුවාට යහළුවෙක් සමග කතා කරනවා හා සමාන අත්දැකීමක් ලබා ගත හැකි වෙනවා.
දැනටමත් VTech සමාගම KidiSnap Touch නම් ඡායාරූප සහ මිතුරන්ට පණිවිඩ යැවිය හැකි ජංගම දුරකථනයක් වැනි උපාංග, smart Walkie Talkie පවා නිර්මාණය කර තිබෙනවා.
වොන්ග් පවසන්නේ AI powered teddy bears 2028 දී ලබා ගත හැකි බවටයි.
Leave a Reply
View Comments