2020 දි Google පැවසුවේ තම storage space එක Reduce කිරීම සදහා අක්‍රීය ගිණුමක ගබඩා කර ඇති අන්තර්ගතයන් (google photos, drive files) ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
නමුත් දැන් Google එහි inactivity policy යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව භාවිතා කර නොකල ගිණුම්වල අන්තර්ගතයන් මෙන්ම ගිණුමද මකා දැමෙනු ඇති.
Google මීට හේතු ලෙස දක්වන්නේ අතහැර දැමූ ගිණුම්වල දුර්වල password හා ආරක්ෂාව නිසා පැහැර ගැනීමට ඇති අවස්ථාව වැඩි බව හා පැහැරගත් පසු emails හරහා මිතුරන්ට මෙන්ම අනෙක් අයටද ප්‍රහාර එල්ල කිරීමේ ඇති අවස්ථාව නිසායි
.
Google ගිණුමක් අවම වශයෙන් වසර 2ක් භාවිතා කර හෝ පුරනය වී (log වී )නොමැති නම් ” Google විසින් එම පුද්ගලික ගිණුම සහ එහි අන්තර්ගතයද මකා දමනවා.
එලෙසින් මකාදැමූ පසු ඊමේල් ලිපිනයට ප්‍රවේශ විය නොහැකි වනවා මෙන්ම, Emails, Drive, Docs, සහ අනෙකුත් Workspace ගොනු මෙන්ම Google Photos backups ද නැවත ලබාගත නොහැකි වනවා.
කෙසේ නමුත් Googe මේ මොහොතේ Youtube video සහිත ගිණුම් මකා දැමීමට සැලසුම් කර නැහැ.
Google විසින් 2023 දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් මකා දැමීම ආරම්භ කිරිමට නියමිත අතර මුලින් සාදන ලද හා කිසිදා භාවිතා නොකල ගිණුම් වලින් ආරම්භක ප්‍රවේශයක් ගැනීමට සුදානම් වනවා.
එලෙසම සමාගම පැවසුවේ මෙය සෙමෙන් හා ප්‍රවේශමෙන් කරගෙන යන බවයි.
ගිණුමක් මකාදැමීමට පෙර මාස කිහිපයක් තුළ google විසින් ගිණුමට මෙන්ම ගිණුම ප්රතිසාදනය (recovery mail) කර ඇත ගිණුමටද දැනුම් දීම් කිහිපයක් යවන අතර පසුව පිළිතුරක් නොමැති නම් ගිණුම මකාදමනවා.
මෙයින් යම් කාල රාමුවක් තුල භාවිත නොකල පුද්ගලික තොරතුරු රදවා ගන්නා කාලය සීමා කරන අතර අවාසනාවකට මෙන් අනෙකුත් සේවාවන් මෙන් Google ඉවත් කල ගිණුම් නැවත ලබාගත හැකිවන්නේත් නැහැ.
කෙසේ නමුත් මෙය අදාල වන්නේ සාමාන්‍ය පරිශීලක ගිණුම් සදහා පමණක් වන අතර ව්‍යාපාරයක් පාසලක් වැනි සංවිධානයක් විසින් කළමනාකරණය කරනු ලබන ගිණුම් සදහා මෙය අදාල වන්නේ නැහැ.
ගිණුම සක්‍රීයව තබා ගන්නේ කොාහාමද..?
මූලික වශයෙන් ඔබට වසර දෙකකට සැරයක් ගිණුමට ලොග් වීමෙන් මෙය සක්‍රීයව තබා ගත හැකියි.
ඊට අමතරව
• ඊමේල් කියවීම හෝ යැවීම
• Google Drive භාවිතා කිරීම
• YouTube වීඩියෝවක් නැරඹීම
• Google Play Store හි යෙදුමක් බාගත කිරීම
• Google Search භාවිතා කිරීම
• තෙවන පාර්ශවීය යෙදුමකට හෝ සේවාවකට පුරනය වීමට sign in with google භාවිතා කිරීම
ඊට අමතරව, Google පවසන්නේ පුරනය වී ඇති Android උපාංගයක් භාවිතා කිරීම සක්‍රීය ක්‍රියාකාරකම් ලෙස සලකන බවයි.
එලසමමේ Google One හෝ තෙවන පාර්ශ්ව යෙදුම් වැනි සක්‍රිය Play Store දායකත්වයන් සහිත ගිණුම්ද සක්‍රිය ලෙස සලකනු ලබනවා.
Leave a Reply
View Comments