Categories

පර්යේෂකයන් විසින් Dark Web දත්ත මත පුහුණු කළ DarkBERT නම් AI එකක් නිර්මාණය කරයි

පර්‍යේශකයන් විසින් DarkBERT නමින් නවතම AI එකක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂම දේ තමා මේ AI සම්පූර්ණයෙන්ම වගේ පුහුණු කරලා තියෙන්නේ Dark Web දත්ත මගිනුයි.

ඒ අනුව මෙම AI model එක සඳහා හැකර්වරුන්,සයිබර් අපරාධකරුවන් සහ වෙනත් අයගේ දත්ත භාවිතා කර පුහුණු කර තිබෙනවා.

මෙම DarkBERT නිර්මාණය කරලා තියෙන්නේ Google විසින් වැඩි දියුණු කරන ලද BERT framework මතයි. ඒ වගේම Google Bard එකෙහි තිබෙන සාමාන්‍ය කතා බස් හැකියාවන් වෙනුවට මෙහිදී BERT මගින් විශේෂිත දත්ත කට්ටලයක් මත පදනම්ව විශ්ලේෂණය කිරීමට සහ පිළිතුරු නිශ්පාදනයට භාවිතා කරනු ලබනවා.
DarkBERT පිටුපස සිටින දකුණු කොරියානු පර්‍යේශකයන් කණ්ඩායම පවසන්නේ ඔවුන් විසින් Dark Web වෙත ප්‍රවේශ වීමට බොහෝ විට භාවිතා කරන Tor ජාලයේ දත්ත භාවිතා කරමින් මෙලෙස DarkBERT නිර්මාණය කළ බවයි.

ඒ අනුව දින 16කට ආසන්න කාලයක් පුරා “raw” සහ “preprocessed” යනුවෙන් දත්ත කට්ටල දෙකක් හරහා දත්ත එකතු කරගැනීමෙන් මෙම DarkBERT නිර්මාණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

පහළ සඳහන් වෙන්නේ DarkBERT සඳහා ඔවුන් ලබා දුන් දත්ත පිළිබඳ විස්තරයි. මෙහිදී category එක සහ එයට අදාලව ලබා දුන් pages ගණන සඳහන් වෙනවා.

 

Darkbert AI දත්ත කට්ටලය

 

කොහොම වුණත් පර්‍යේශකයන් විසින් මෙම DarkBERT AI, මහජනතාවට නිකුත් නොකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ එය ඉදිරියේදී වඩාත් තර්ජනාත්මක විය හැකි නිසයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.