whatsapp විසින් ඉදිරියේදී තම පරිශීලකයන් හට ඔවුන්ගේ group chat වලට expiry date එකක් සැකසීම සඳහා feature එකක් නිකුත් කරන බව සඳහන් කරලා තියෙනවා.
“Expiring group” කියන්නේ මොකක්ද ?
“Expiring group” හරහා පරිශිලකයන්ට පුලුවන් ඔවුන්ගේ group chat සඳහා කල් ඉකුත් වීමේ දිනයක් සකස් කරන්න. ඒක සතියක්,මාසයක් වගේම තමන්ට කැමති වෙනත් ආකාරයක් වෙන්න පුලුවන්.
අධාල expire date එකට ලඟා වුනාට පස්සෙ මේක පරිශීලකයගෙන් අහනවා පැරණි පණිවිඩ කිහිපයක් ඉවත් කරනවාද නැත්නම් සම්පූර්ණයෙන්ම chat ඉවත් කරනවාද කියලා.
මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පරණ messages රඳවා තබා ගැනීමෙන් දුරකතනයේ ඉඩ විශාල වශයෙන් පිරෙන නිසා මේ හරහා ඉඩ ඉතුරු කරගැනීමට වගේම විශේෂිත කාර්යන් සඳහා සකස් කරන ලද group වල අනවශ්‍ය පැරණි පණිවිඩ ඉවත් කිරීමෙන් ඒවා පිළිවෙලකට තබා ගැනීමටද මේ feature එක උපකාරී වෙනවා.
ඒ වගේම මේ feature එකේදී අදාල messages ඉවත් වෙන්නේ මෙම option එක ක්‍රියාත්මක කළ පුද්ගලයාගේ පමණක් වන අතර මෙය ක්‍රියාත්මක නොකළ පුද්ගලයන් හට ඔවුන්ගේ පැරණි chat සඳහා ප්‍රවේශ වීමේ ඉඩකඩ ලැබෙනවා.
දැනට මෙම feature එක google play beta හරහා පරික්ශා කරමින් සිටින අතර ඉදිරියේදි එය අනෙක් උපාංග සඳහා නිකුත් කිරීමට නියමිතයි.
source :
Leave a Reply
View Comments