Categories

ChatGPT එකේ bug එකක් හොයාගත්තොත් $20,000ක්

තාක්ශණික සමාගම් ගොඩක් වෙලාවට ඔවුන්ගේ software systems වල bugs හොයාගන්න bug bounty programs පාවිච්චි කරනවා.

ඔයාලා දන්නවා ඇතිනේ මීට සති කිහිපයකට කලින් ChatGPT එකේ තිබ්බ bug එකක් නිසා පරිශීලකයන්ට වෙනත් පරිශීලකයන්ගේ chat history එක බලන්න හැකියාව ලැබුනා වගේම සමහර නීති කඩවීම් නිසා ඉතාලියේත් ChatGPT තහනම් කරා කියලා. ඉතින් මේ හේතු නිසාම ChatGPT එක පිටිපස්සෙ ඉන්න OpenAI සමාගමත් bug bounty program එකක් නිකුත් කරලා තියෙනවා.

OpenAI නිවේදනය කරලා තියෙනවා ChatGPT එකේ තියෙන bug ගැන report කරොත් $20,000 ක් පමණ ලබා දෙනවා කියලා.
ඉතින් පුද්ගලයින් ලබා දෙන reports වල බරපතලකම අනුව එක vulnerability එකක් සඳහා $200 කින් ආරම්භ වන මුදල් ප්‍රමාණයක් ඔවුන් ලබා දෙනවා.

හැබැයි මේ program එකට OpenAI පද්ධති නිර්මාණය කරන වැරදි හෝ අනිශ්ට (malicious content) අන්තර්ගතයන් ඇතුළත් වෙන්නේ නැහැ.

ඉතින් ඒවා හැර වෙන bugs තිබුණොත් මේ ලින්ක් එකෙන් ගිහින් report එකක් submit කරන්න පුලුවන්.

 

source :
Metro

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.