Categories

Whatsapp ගිණුම් banned විය හැකි කරුණු 4ක් පිළිබදව whatsapp විසින් අනතුරු අගවයි

instragram සහ facebook හි හිමිකරු වන meta සමාගමට අයත් messaging platform එකක් වන whatsapp විසින් පරිශීලකයන්ට අනතුරු අගවමින් පවසන්නේ පහත විශේශ කරුණු පිලිබදව සැලකිලිමත් වන ලෙසයි. එසේ නොවුනහොත් whatsapp ගිණුම් banned කරන බව ඔවුන් පවසා තිබෙනවා.

01.පණිවිඩ විශාල ප්‍රමාණයක් යැවීම

bulk message හෙවත් පුද්ගලයෙක් විසින් එකම පණිවිඩය විශාල වශයෙන් බොහෝ දුරකථන වලට යැවීම whatsapp ගිණුම තහනම් වීමට හේතු වෙනවා.
එසේම බොහෝ පිරිසක් ඔබගේ දිනපතා යවන message report කලහොත් එමගින්ද ඔබේ ගිණුම තහනම් විය හැකියි.

02.whatsap නිල නොවන අනුවාද (unofficial version ) භාවිතය

whatsapp සදහා විවිධ ආකාරයේ( GB whatsapp, whatsapp plus ආදි ) නිල නොවන version තිබෙනවා. මෙම apps භාවිතා කිරීමත් ඔබේ whatsapp ගිණුම තහනම් වීමට හේතු වෙනවා.

03. ව්‍යාජ ප්‍රවෘත්ති යැවීම

ඔබව report කිරීමට තුඩු දෙන ව්‍යාජ ප්‍රවෘත්ති, කරදරකාරී message යැවීමත් ඔබව තහනම් වීමට ප්‍රධාන කරුණක් වෙනවා.

04. ව්‍යාජ පුද්ගලයින් ලෙස පෙනී සිටීම

වෙනත් අයගේ තොරතුරු ලබා ගැනීම සදහා ඔබ වෙනත් පුද්ගලයින් ලෙස පෙනී සිටින බවට whatsapp වෙත වාර්ථා වුවහොත් එයද ඔබව තහනම් කිරීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

 

ඔයාගේ whatsapp ගිණුම තහනම් වෙලා නම් whatsapp මගින් ” Your phone number is banned from using WhatsApp. Contact support for help” ලෙස පණිවිඩයක් පෙන්වනු ලබනවා.

එසේම ඔවුන් පවසන්නේ ඔවුන් විසින් whatsapp ගිණුම් තහනම් කිරීමට පෙර අනතුරු ඇගවීම් නොකරන බවත්, වැරදීමකින් ඔබේ ගිණුම අප විසින් තහනම් කර ඇත්නම් ඔවුන්ට e mail කරන බවත් ය.

මේ නිසා ඔබේ whatsapp ගිණුම වැරදීමකින් තහනම් වී ඇත්නම් ඔවුන්ට e mail කර එය නැවත සකසා ගත හැකිය.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.