Categories

මොකක්ද මේ BOOTLOADER කියන්නෙ ?

බූට් ලෝඩර් කියන්නෙ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්‍රියාත්මක වන වන වැඩසටහනක්. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය (Kernel
මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ kernel එක මගිනි.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.) වෙත බූට් කිරීමයි .

මෙය Android භාවිතා කරන්නන් අතර ප්‍රචලිත වුවත් Linux, Windows, Android, iOS වගේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ආරම්භ වන්නේ මේ ආකාරයේ Bootloader එකක් හරහා වන අතර අදාල operating system එක ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන ලබා දෙන්නේ මේ Bootloader එක හරහායි

මේ Bootloader එක අදාල device එකේ hardware සමඟින් තදින් බැඳි පවතින නිසාවෙන් මෙන්ම ජංගම දුරකථන නිෂ්පාදකයාගේ අයිතියට නතු වූ දෙයක් නිසාවෙන් මෙය unlock කිරීම සෑම device එකකදීම එකම ස්වභාවයක් නොගන්නා අතර, Huawei වැනි සමාගම් විසින් මෙය කිසි ලෙසකින් වත් unlock කිරීමට අවස්ථාව ලබා දීම අවහිර කර තිබෙනවා.
( Huawei ආයතනය විසින් ඔවුන්ගේ devices වල bootloader unlock කිරීමට අවශ්‍යය code එක තවදුරටත් ලබා නොදීමට තීරණයක් ගෙන තිබෙනවා 23/07/2018 පසු බූට්ලෝඩර් අන්ලොක් කිරීමෙ කෝඩ් එක ලබා ගැනීමට තෙවන පාර්ශවයක් මැදිහත් කර ගෙන IMIE අංකය ඔවුන්ට ලබා දී අපට බූට්ලෝඩර් අන්ලොක් කෝඩ් එක ගැනීමට හැකියාව තිබෙනව අවාසනාව නම් ඔවුන් කොඩ් එක ගැනිම සදහා අපෙන් යම් කිසි මුදලක් අය කිරීමයි?)

How to unlock Nexus 5 bootloader: the first step for modding ...

Bootloader එක Lock කර ඇත්තේ ඇ‍යි ?

ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).

බූට්ලෝඩර් අන්ලොක් කරනවා කියන්නෙ මොකක්ද?

බූට්ලෝඩර් unlock කිරීම යනු අදාල device එකේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම තමන්ගේ බළයට නතු කර ගැනීමක් ලෙස පෙන්වාදිය හැකි අතර Android ජංගම දුරකථනයකදී නම්, අපි කලින් සඳහන් කළ ආකාරයට ජංගම දුරකථන නිෂ්පාදකයා විසින් lock කර ඇති මේ bootloader එක official ක්‍රමයක් මගින් unlock කිරීමේ හැකියාව බොහෝ විට ලබා දෙනවා.

කොහොම නමුත් iOS සඳහා නම් මේ වෙනුවෙන් ක්‍රමයක් ලබා දීමට හෝ ඒ ගැන කතා කිරීමට වත් Apple සමාගම කටයුතු කරන්නේ නැති බව සඳහන් කළ යුතු වෙනවා.

බොහෝ විට ඔබගේ ජංගම දුරකථනය off කර, Volume Down button එක සමඟින් Power Button එක, එකවිට press කරගෙන සිටීමෙන් මේ Bootloader එකට පිවිසිය හැකි අතර, එහිදී එම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු ද ඇතුලත් වෙනවා.

මීට අමතරව පරිගණකයක් භාවිතා කරමින් ADB හරහා මෙය සිදු කරනවා නම්, පහත විධානය හරහා bootloader එකට පිවිසීමේ හැකියාව ලැබෙනවා.

adb reboot bootloader
මේ ආකාරයෙන් bootloader එකට පැමිණි පසු, එහි ඇති options අතර ගමන් කිරීම සිදු කළ හැකි වන්නේ Volume Up සහ Volume Down යන button වලින් වන අතර, අදාල option එක තෝරාගැනීම සඳහා power button එක භාවිතා කළ යුතු වෙනවා.

යම් හෙයකින් volume buttons වැඩ නොකරන්නේ නම්, power button එක තත්ත්පර 10ක් press කරගන සිටීමෙන් ජංගම දුරකථනය restart කළ හැක.
එමෙන්ම බොහෝ ජංගම දුරකථන වලදී මේ bootloader එක unlock කිරීම සඳහා පහත විධානය භාවිතා වන අතර මෙය ජංගම දුරකථන නිශ්පාදකයා අනුව බොහෝ විට වෙනස් වෙනවා.

fastboot oem unlock
ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය අනුව bootloader එක unlock කරගැනීම සඳහා අදාල tutorial එකක් YouTube හෝ Google භාවිතා කර ඉතාමත් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව තිබෙනවා.

Bootloader එක Lock කර ඇත්තේ ඇ‍යි ?

ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).

මීට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකිය හැක්කේ, මේ Bootloader එක unlock කිරීම හරහා අදාල device එකේ පවතින මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් සිදු කිරීමට හැකියාව ලැබෙන නිසාවෙන්, ඒ හරහා යම් කිසි දෝශයක් සිදු වුවහොත්, ඔවුන්ගේ කීර්ති නාමයට එය බළපාන නිසාවෙන් මෙන්ම, අදාල device එක repair කිරීම සඳහා ඔවුන් හට මුදල් වියදම් කිරීමට සිදු වීමයි.

ඒ නිසාවෙන් මෙය lock කර පවතින අතර, යම් හෙයකින් මේ bootloader එක unlock කළහොත්, එම අවස්ථාවේ සිට අදාල device එකේ warranty එක අවලංගු වන බව ඔවුන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබනවා…

Bootloader unlock කිරීමේ වාසි

Root කිරීමට, Overclock කිරීමට හෝ වෙනත් Operating system එකක් (Custom ROM එකක්) flash කිරීමට අනිවාර්යයෙන්ම මේ Bootloader එක unlock කළ යුතු වෙනවා.

එමෙන්ම කලින් සඳහන් කළ ආකාරයේ සේවා දායකයා විසින් සිදු කර තිබෙන සීමා කිරීම් වලින් ඉවත් වීමට, (Sprint, O2 වැනි වෙනත් රට වල network සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන devices අපේ ‍රටේ networks සමඟින් භාවිතා කළ හැකි ලෙස සැකසීමට) මේ Bootloader එක unlock කිරීම අනිවාර්යය වෙනවා.

ඔබගේ ජංගම දුරකථනයේ දැනට install කළ නොහැකි ඇතැම් apps මේ Bootloader එක unlock කිරීම හරහා, flash කරගැනීමේ හැකියාව ලැබෙන අතරම, අනවශ්‍යය system apps ඉවත් කර දැමීමට ද bootloader එක unlock කර root කරගැනීම මගින් හැකියාව ලැබෙනවා

overclock කිරීම හරහා performance වැඩි කරගැනීම හෝ underclock කිරීම මගින් battery life එක වැඩි කරගැනීම වැනි දේ සිදු කිරීමට හැකියාව ලැබීම

Ad block කිරීම, Xposed Framework වැනි framework භාවිතා කරමින් community එක විසින් නිර්මාණය කළ විවිධ ආකාරයේ apps/tools භාවිතා කළ හැකි වීම

නිෂ්පාදකයා ලබා දෙන මෙහෙයුම් පද්ධතිය මගින් ඔබට සන්තෘප්ත වීමට නොහැකි නම්, එය ඉවත් කර දමා තමන් කැමති විදිහේ operating system එකක් install කරගැනීමේ හැකියාව ලැබීම. ගන්න පුලුවන් .

සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.

බූට්ලෝඩර් අන්ලොක් කිරීමෙ අවාසි

මේ Bootloader එක unlock කිරීමෙන් අදාල ජංගම දුරකථනයේ Warranty එක, එහෙමත් නැතිනම් වගකීම් සහතිකය සම්පූර්ණයෙන්ම අවලංගු වී යනවා.

එමෙන්ම මේ Bootloader එක unlock කිරීමේදී ජංගම දුරකථනයේ තිබෙන සියළුම දත්ත මකා දැමීම බොහෝ විට සිදු වෙන බැවින්, ඔබගේ සියළුම දත්ත backup කර නොගතහොත් ඒවා අහිමි වී යනවා. (සමහර විට නොවෙන්න පුලුවන් )

Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?

නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.

දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?

නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.

දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?

*#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක ( හැම එකකටම වැඩ කරන එකක් නැහ්)

Huawei ?

23/07/2018 දිනට Huawei account එකක් නිර්මාණය කර ඔබගේ device එකට අදාල තොරතුරු ඇතුලත් කර ක්ෂණිකව අදාල unlock code එක ලබා ගැනීමට 23/07/2018 දක්වා හැකියාව ලැබී තිබුණා. නමුත් දැන් එසේ කල නොහැක. එසේ කරන්නට ඔබව අවශ්‍ය නම් තෙවන පාර්ශයවයක් වෙත මුදලක් ලබා දීමට සිදු වෙනවා..

Ravindu dilshan