Categories

ඔයාගේ facebook ගිණුම වඩාත් පෞද්ගලික කරගන්නේ කොහොමද ?

facebook කියන්නේ අති විශාල පරිශීලකයින් ප්‍රමාණයක් ඉන්න social media platform එකක්. මේ facebook එකෙහි privacy එක ගත්තොත් 100% ආරක්ශාවක් නැහැ. මොකද තමන්ගේ පෞද්ගලික දේවල් අනෙක් අයට බලාගන්න පුලුවන් නිසා. එහෙත් පවුලේ අය සහ යාළුවන් සමග සම්බන්ධතා පවත්වන්න අපිට facebook වල privacy සකසගන්න පුලුවන්.

01. ඔයා share කරන්නේ මොනවද සහ කොහොමද කියන එක

facebook හට පොදු සමාජ ජාලයක් වගේම පෞද්ගලික සමාජ ජාලයක් ලෙස කටයුතු කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා share කරන එක facebook භාවිතා කරන සියළු දෙනාට හෝ ඔයාගේ යාළුවන්ට පමණක් පෙන්වන්න සකසාගන්න පුලුවන්.

මේක කරන්න ලේසිම විදිය තමා ඔයා පෝස්ට් එකක් අප්ලෝඩ් කරද්දි එතනින් තෝරන එක. එතන ඔයාගෙ නමට යටින් පොදු හෝ මිතුරන් ලෙස වෙනස් කරන්න හැකියාව තිබෙනවා. ඒවගේම ඔයාට ඔයාගේ පරණ posts delete කිරිමකින් තොරව only me දමා සුරකින්නත් හැකියාව තිබෙනවා.

02. friends list සමාලෝචනය කිරීම

ඔයා upload කරන පෝස්ට් ඔයාගේ යාළුවන්ට විතරක් පෙන්නන්න හදාගන්න ඔයා දැන් දන්නවා. ඒත් ඔයා ඔයාගේ friends list එකේ ඉන්න යාළුවන්ව හරියටම දන්නවද ?

ඔයා නොදන්නා යාළුවෙක් friend list එකෙහි ඉන්නවනම් friends icon එක click කරහම ඔයාට option ගොඩක් තියෙනවා. ඒවගේම edit friend list tap කර restricted කිරීම මගින් ඔවුන්ව අතේ දුරින් තියාගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාගේ restricted list එකෙහි සිටින මිතුරන්ට බලන්න පුලුවන් ඔයාගේ public profile information සහ ඔබ ඔවුන්ව tag කරන posts පමණි.

03. සැබෑ නම භාවිතා කිරීම

facebook name policy හි සදහන් වන්නේ ඔබේ profile එකෙහි ඇති නම එදිනෙදා ජීවිතයේදි මිතුරන් අමතන නම විය යුතු බවත් එය id list එකට සමාන විය යුතු බවත් ය.
ඒත් facebook වල සත්‍ය නම භාවිතා නොකරන කීදෙනෙක් ඉන්නවද ? බොහෝ දෙනා මෙම රීතිය නොසලකා හරියි.

ඔයාට ඔයාගේ සත්‍ය නමින්, id conform කර වැඩි ආරක්ශාවකින් facebook භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාට සත්‍ය නම (මුල හෝ මැද කොටසක් ) යොදාගන්න පුලුවන්.
ඒත් ඔයාට ඔයාගෙ පෞද්ගලිකත්වය සගවලා facebook භාවිතා කරන්න අවශ්‍ය නම් වෙනත් නමක් භාවිතා කරන්න පුලුවන්.

04. privacy checkup සිදු කිරීම

මෙමගින් ඔයාට ඔයා share කරන දේ බැලිය හැක්කේ කාටද, ඔබේ account එක ආරක්ශාකාරිව පවත්වාගන්නේ කොහොමද, පුද්ගලයින්ට ඔයාව හොයාගන්න පුලුවන් කොහොමද, facebook එකෙහි ඔයාගේ තොරතුරු, ආදිය කලමණාකරණය කරගන්න පුලුවන්.

 

05. දැන්වීම්

facebook දැන්වීම් ගත්තොත් ඒක හිතා ගන්න බැහැ. මොකද මේක ඔයා කරන හැම දෙයක්ම ඉගෙන ගන්නවා වගේම පසුව ඔයා interest කරන වෙළද දැන්වීම් පෙන්වන්න උත්සහා කරනවා.

settings -> ad preferences මගින් ඔයාට මේවා වෙනස් කරන්න පුලුවන්

06. ඔබේ profile එක lock කිරීම

facebook මගින් අලුතෙන් profile lock feature එකක් හදුන්වා දෙනු ලැබුවා. මෙමගින් ඔබේ profile picture, profile information,post,stories ආදිය බැලිය හැක්කේ ඔබේ මිතුරන්ට පමණයි. profile settings තුළට ගොස් ඔයාට profile lock feature එක enable කරන්න පුලුවන්.

07. deactivate your facebook

ඔයාට facebook තුළින් තාවකාලික විරාමයක් ගන්න අවශ්‍ය නම් ඔයාට මේ deactivate facebook කියන option එක භාවිතා කරන්න පුලුවන්. මෙමගින් ඔයාගෙ නම සහ අන්තර්ගතය facebook තුළින් තාවකාලිකව ඉවත් කරනු ලබනවා. ඒත් එමගින්, ඔයා massanger වෙනම deactivate කලොත් මිසක massanger වලට බලපෑමක් වෙන්නේ නැහැ.

08. disable massanger active status

massanger මගින් ඔබ දැන් online සිටිනවද, කලින් online සිටියද කියල ඔබේ මිතුරන්ට පෙන්වනු ලබනවා. ඉතින් ඔයාට පුද්ගලිකව massanger භාවිතා කරන්න අවශ්‍ය නම් ඔයාට active status එක disable කිරීමේ හැකියාව පවතිනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.