Categories

whatsapp මගින් high quality photos යවන්නේ කොහොමද ?

whatsapp කියන්නේ මේ වෙද්දි ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක්. ඒත් මේකෙ ප්‍රධාන අවාසියකට තියෙන්නේ අපි photos send කරද්දි ඒවගේ quality එක අඩු වෙන එක. මේකට විසදුමක් විදියට අපිට පුලුවන් අපිට අවශ්‍ය photos, document එකක් විදියට send කරන්න.

 

  • ANDROID තුළ high quality photos යවන්නේ කොහොමද ?

 

මේකෙදි ඔයාට ඩිරෙක්ට්ම document තෝරල ෆොටෝස් යවන්න පුලුවන්.

 

ඔයාට media යවන්න අවශ්‍ය conversation එක ඕපන් කරලා ATTACH බටන් එක ටැප් කරන්න(පේපර් පින් අයිකන් එකක් වගේ තියෙන).එතනින් document ටැප් කරල ඔයාට යවන්න අවශ්‍ය photos,videos තෝරල send ටැප් කරන්න.

 

  •  iPHONE තුළ high quality photos යවන්නේ කොහොමද ?

 

iphone එකේදි නම් මේක ටිකක් සංකීර්ණ වෙනවා. මුලින්ම ඔයා ඔයාට අවශ්‍ය photos,videos තෝරලා ඒවා files app එකට add කරන්න ඕන.

 

Photos app එක ඕපන් කරලා ඔයාට share කරන්න අවශ්‍ය photos තෝරන්න. ඊට පස්සෙ share button එක ටැප් කරලා “Add to Files” option එක තෝරන්න. පස්සෙ ෆෝල්ඩර් එක තෝරලා save කරන්න.

 

දැන්, WhatsApp conversation වලට ගිහින් plus button ටැප් කරලා ” document” තෝරන්න. දැන් Files document picker එක විවෘත වෙනවා. පස්සේ ඔයා save කරපු photos තෝරලා send ටැප් කරන්න. ඔයාට අවශ්‍ය නම් menu එකෙන් multiple photos තෝරලා යවන්නත් පහසුකම තියෙනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.