Categories

අන්තර්ජාලයේ රාක්ෂයින්ගේ අඩවිය නැතහොත් Dark Web

 

දවසක් ඇමරිකාවෙ පුද්ගලයෙක් සියදිවි නසාගෙන මිය යනව. පරීක්ෂන කරන පොලීසිය හොයාගන්නව කැඩී බිදී ගිය ලැප්ටොප් එකක් හා මොහු මීට පෙර පොලීසියට පැමිනිල්ලක්ද දමා ඇති බව. අසල්වාසීන් කියපු විදියට මොහු පසුගිය දවස් දෙකේ දැඩි පීඩනයකින් ඉදල තියෙන්නෙ,

එිවගේම ඔහුගෙ පැමිනිල්ලෙ සදහන් වෙනව ඔහු ගිය වෙබ් අඩවියක් ගැන හා එහි තිබුණු දේවල් ගැන ඉතින් පොලීසිය සැක කරනව ඔහු dark web වෙත ගොස් ඇති බවත් වෙබ් එකෙදි දැකපු දේවල් ඔහුව මානසික පසුබැසීමකට ලක්කල නිසා ඔහු සියදිවි නසාගත් බවත්. ඉතින් මොකද්ද ඔහුගෙ පැමිණිල්ලේ තිබුණේ, සහ ඔහුව සියදිවිනසාගැනීමකට පත්කිරීමට තරම් එම වෙබ් සයිට් එකෙ මොනවද තිබුනේ…?

මං මෙහෙම පටන් ගන්නම්, අපි භාවිතා කරන අන්තර්ජාලය කොටස් තුනකින් යුක්ත වෙනව.

  1. Surf Web ( open web )
  2. Deep Web
  3. Dark web

01.Surf Web

මේ කියන්නෙ අපි එදිනෙදා භාවිත කරන Google,Yahoo… වගෙ search engine වලින් යන කොටස. මේක⁣ට 1-5% අතර කොටසක් තමා ඇතුලත් වෙන්නෙ. හිතාගන්නකො google එකෙත් අපි නොදන්න එව්ව සෑහෙන්න තියෙද්දි ඒකත් 5% විතරයි කියල කියද්දි.
එක් වාර්තාවකට අනුව 2015 ජූනි 14 වෙනකොට Surface web එකට 14.8 billion Pages ඇතුලත් වෙලා තිබෙනවා.
⁣මේක Dark web, Deep web දෙකෙහි විරුද්ධ පැතිකඩ කියලත් හදුන්වන්න පුලුවන්.

 

02. Deep web

Deep web නැතිනම් සැගවුණු වෙබ් කියන්නෙ search engine වල index කරල නැති වෙබ් සයිට්. ඒ කියන්නෙ මේව ඔයා නිකම් Google search කරාට එන්නෙ නැහැ. සැගවිල තියෙන්නෙ. හරිම URL එක නැත්තම් ip එක ගැහුවොත් විතරයි ඔයාලට මේකට යන්න පුලුවන්. එිත් සමහර ඒවගෙ user password ඇතුලත් කරන්න වෙනව.

උදාහරණ ගත්තොත් කම්පැනි වලින් සේරම විස්තර අපිට බලන්න දෙන්නෙ නැහැ, එයාලගෙ රහසිගත විස්තර තියන සයිට් වලින් Access සීමා කරල තියෙන්නෙ ඒ වගේ කම්පැනි වල සීමා කරපු සයිට්, සීමා කරපු Social media pages, රටවල් වල තහනම් කරපු සයිට්, ⁣රහසිගත වෛද්‍ය පරීක්ෂනයන් දක්වන්න පුලුවන්.
මේ සයිට් වලට යන්න පුලුවන් අවසර ලත් අයට විතරයි.

03 Dark Web

දැන් තමයි අපෙ කොටසට ආවෙ. මේකේ තමා භයානකම දේවල් තියෙන්නෙ. කොටින්ම කිව්වොත්
මනොවිකෘතිකයින්ගෙ, ජාවාරම්කරුවන්ගෙ,⁣මිනීමරුවන්ගෙ, හැකර්වරුන්ගෙ තෝතැන්නක් වගේම අහිංසක මිනිසුන්,හයක් හතරක් නොදන්න කුඩා ලමයින්,අහිංසක සතුන් මරණයට නියම වුණු වදකාගාරයක්.

මේකෙ ආරම්භය ගත්තොත් වර්ෂ 2000 දි Freenet නිකුත් කිරීම තමයි බොහොදුරට සදහන් වෙන්නෙ.
Freenet කියන්නෙ ස්කොට්ලන්තයෙ එඩින්බ්රො විශ්වවිද්‍යාලයෙ සිසුවෙක් වුනු Ian Clarke ගෙ project එකක්. ඒකෙ අරමුණ උනෙ නිර්නාමිකව සම්බන්ධ වීම හා ලිපිගොනු හුවමාරු කරගැනීම.

2002 දි එක්සත් ජනපද නාවික පර්යේෂන රසායනාගාරයේ සහය ඇතිව පර්යේෂකයින් Tor ජාලය ගොඩනගා මුදා හැරුණු පසුව Dark web එක සැලකිය යුතු වර්ධනයක් පෙන්නනුම් කලා.
ඒ වගේම මේ Tor ජාලයත් නිර්මාණය කෙරුනෙ ලොවපුරා සිටින දේශපාලන විරුද්ධවාදීන් හා ඇමරිකානු බුද්ධි අංශ ක්‍රියාකාරීන් සදහා ආරක්ෂිත සන්නිවේදන මාර්ගයක් වීවෘත කරන්න.

පසුව ටෝර් හි Underlying code එක free license එකක් යටතේ නිකුත් කල අතර Tor project නමින් ලාභ නොලබන ආයතනයක් එහිදී පිහිටුවනු ලැබුවා.
2008 දී Tor browser එක නිකුත් කිරීමත් එක්ක ඕනම අයකුට Dark web එකට පිවිසීම පහසු කාර්යයක් වුනා.

මේ Dark web එක විශාලයි වගෙ පෙනුනට ඉතා පොඩි ප්‍රතිශතයක් තිබෙන්නෙ. නමුත් මේකෙ හානියනම් ඉතා විශාලයි. ඒවගේම මේකෙ ඇතුලෙ payment වෙන්නෙ Bitcoin වලින් විතරයි. මොකද Bitcoin trackback කරන්න බැරි නිසා.

මේක නිකම් හරියට shopping mall එකක් වගෙ,
Red Room, Hitman, Hackers, ransomeware වගේ සෑහෙන්න භයානක Shops තමයි මේකෙ තියෙන්නෙ.

මේකට යන්නෙ කොහොමද, කියන එක අන්තිමට කතා කරන්නම් මොකද ඉස්සල්ල ඔයාල මේක කියවලම තීරණය කරන්න යනවද නැද්ද කියල.
ඒ වගේම පහලින් දාලා තියන නම ඒ සයිට් වල නම් නෙමෙ, එව්ව පොදුවෙ හදුන්වන්න යොදාගන්න නම් තමයි ඒ.

1. Red Room

⁣මේක තනිකරම ලේ විලක්. ඇයි එහෙම කියන්නෙ,
ඔයාලා දැකල ඇති gaming Livestream ඒවගෙදි සාමාන්‍යයෙන් audience එක කියන විදියට තමයි Stream එක කරන කෙනා ප්ලෙ කරන්නෙ. මොකද ඒකෙන් Audience එකටත් තෘප්තියක් ලැබෙනව.


මේකත් ඒ වගෙ හැබැයි ගේම් නෙමෙ,
මේකෙ කරන්නෙ මීනිමැරුම්, රේප් හා ඊටත් අන්ත එව්ව.
සරලව මේක ලෝකෙ වටේම තියන වදකාගාරවල එකතුවක්. මේකෙ එක එක ⁣Pages තියනවා, ඒවගෙ තියෙන්නෙත් එක එක වදකාගාර.
අපි යම්කිසි ගානක් දීල මේකට යන්නොනි ඒකෙදි අපි කියන දේවල් ඔවුන් අල්ලන් ඉන්න පුද්ගලයට කරනව.
ඔයාට ඔහුගෙ නහය,අත,කකුල කපන්න ඕනිනම්, ඔහුගෙ දත් එකින් එක ගලවන්න ඕනි නම් කියන්න විතරයි තියෙන්නෙ ඔවුන් ⁣ඒක කරනව.
හිතාගන්නකො මිනිහෙක් මරන විදිය කියන්න වගේම මරන දිහාත් බලන් ඉදල සතුටුවෙන්න පුලුවන් මිනිස්සු ඉන්නව කියද්දි.
ලංකාවෙ මේව තියනවද..?
වෙන්න පුලුවන්, මොකද මේව ඉතාම රහසිගතව ක්‍රියාත්මක වෙන හිංද. නිව්ස් වලත් ලංකාවෙ පවත්වගෙන ගියපු වදකාගාර ගැන කියල තියෙනව මතක ඇති.

 

2. Hire a HitMan

ලෝකෙ වටේම ඉන්න කුලී මිනී මරුවන් ගනුදෙනුකරුවන්ට සම්බන්ද කරන තැන තමයි මේක.
ඔයාට කාවහරි මරන්න ඕනි නම් ඔයා මේකට ගිිහින් අදාල මුදල ගෙවල මරන්න ඕන පුද්ගලයගෙ පොටො එකක් හරි අදාල විස්තර හරි දෙන්න ඕනි.
අපි මරණ විදිය මරන තැන අනුව තමයි මිල තීරණය වෙන්නෙ.
එතකොට ඔවුන් ඔහුව මරන්න වගකීම ගන්නව.


ලෝකෙ වටේම සිදුවන සියදිවි නසාගැනීම් වලින් හුගක්ම Hitman ලගෙ පහරදීම්, මොකද මොවුන්ගෙ ඝාතනයන් ඉතා රහසිගත නිසා.

ඒවගේම මේවා අසුවුන අවස්ථාත් තිබෙනව.
එක් දිනක් මෙලෙස පුද්ගලයෙක් මෙම Hitman page එකකින් ඝාතනයක් කරන්න නියම කරනව. ඒකෙදි එම පුද්ගලය ඝාතනය වුනාට පස්සෙ FBI එක පරික්ෂනයකින් මේ ⁣page එක හොයාගන්නව. ඒකෙදි ඝාතනය නියම කල පුද්ගලය අත්අඩංගුවට ගන්නව වගේම මිනීමරු කල්ලි 2ක විස්තර හොයා ගන්නව. පස්සෙ පොලීසිය දැනගන්නව තවත් කල්ලි 10කට වැඩි ගණනක් මෙහි සිටි බවට. නමුත් ඔවුන් කිසිවකු මේ වනතුරුත් අල්ලා ගැනීමට සමත් වෙන්නෙ නැහැ.
ඒවගේම මේ Page එකෙන් ගනුදෙනු කරල තියෙන්නෙ අපි සමාජෙ වැදගත් කියල හිතන වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි පිරිස්.
මේව ඕනම කෙනෙක් කරනව වෙන්න පුලුවන්.
මොකද කරන කෙනා කියවන්නෙ නැ, කියවන කෙනා කරන්නෙ නැහැ.
ලංකාවෙත් මිනීමරු කල්ලි සෑහෙන්න තියනව.ඒවගේම ලෝකෙ පුරාම මිනීමරුවන්ගෙ සහයත් ඔවුන්ට තියෙනව.

03. Child P*orn

මේකනම් මානසික අසහනෙන් ඉන්න ජරාම උන් පිරුනු තැනක්.
අවු. 16ට අඩු පොඩි ලමයි රේප් කරනව වගේ මරල දාන එකත් මේ සත්තු කරනව.
නිකන් මිනිස්සුත් නෙමේ සත්තු වගෙ එවුන් මානසික විකෘතික එවුන් ⁣පොඩි උන්ව දූෂනය කරනවටත් අන්ත දේවල් කරන්නෙ. අවසානෙදි උන් කියන විදියට පොඩි ලමයිව මරල දාන්නත් මොවුන් කටයුතු කරනව.
මූලිකව ගනුදෙනුකරුවො කියන විදියට තමා මේකෙදිත් වෙන්නෙ, රේප් කරන එව්ව මරණ එව්ව.
ඒවගේම Child porn තමයි Dark web එකේ වැඩිම ආදායමක් උපයන්නෙ.

04. Crush P*orn

child p*orn එකට අමතරව වැඩිම ආදායමක් උපයන එකක් තමයි Crush p*orn.
මේකත් අර වගේම මනොවිකෘතිකයින්ගෙ තොතැන්නක්. මේකෙදි පොඩි සත්තු තමා ඝාතනය කරන්නෙ. පොඩි කියන්නෙ  පූස් පැටව්, බලු පැටව් වගෙ අය. ඒ වගේම මේකෙ වැඩිපුරම ප්‍රසිද්දියක් තියෙන්නෙ  පූස් පැටව් සමගින් කාන්තාවන්ට.


ඒ සත්තු අරගෙන අපි කියන විදියට ඔවුන්ව මරන්න ඔවුන් සුදානම්. නිකන් නෙමේ කාන්තාවක් අඩි උස සපත්තු දාගෙන අර සතා මැරෙනකම් අත් කකුල් පාගනව, හිතාගන්නකො අර අහිංසක සත්තුන්ට මොනතරම් වේදනාවක් දැනෙනවද කියල.මේකෙදි කාන්තාව හො පිරිමියෙක්ද කියන එකත් ඔවුන් දාන්න ඕනි සපත්තුව අදින්න ඕන ඇදුමත් අපිමයි තීරණය කරන්න ඕන. ඒවගෙන් සතුටක් ලබන්න පුලුවන් මිනිස්සු තමයි මේවට යන්නෙ.

 

04. Cannibalism

මේක තනිකර මස් කඩයක් වගේම කුකරි ශෝ එකක්. කුකුල් මස්,හරක් මස් නෙමේ මිනී මස්..
ලොකෙ සමහර රටවල මිනීමස් කාපු මිනිස්සු ගැන නිව්ස් අහල තියෙනවනෙ. අන්න ඒ වගෙ විකෘතිකයො තමයි මේකෙ ඉන්නෙ, මිනිස්සු මරල කන හැටි වගේම මිනී මස් රහට උයා ගන්න හැටිත් මේකෙදි කියල දෙනව. අදාල මුදල ගෙවල තමන්ගෙ ගෙදරට මිනීමස් පාර්සල් ගෙන්න ගන්න මේකෙන් පුලුවන්.

05. Drugs

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ ගෙදර වගේ තමයි මේක. ලෝකෙ තියන හැම මත්ද්‍රව්‍යයක්ම මේකෙ තියෙනව. බිට්කොය්න් 1 ඉදල 30 විතර වෙනකල් මේකෙ මත්ද්‍රව්‍ය ජාවාරම් වෙනව. ලෝකෙ මිල අධිකම මත්ද්‍රව්‍යක් වන ක්‍රීස්ටල් මෙත් මත්ද්‍රව්‍යයත් මේකෙ අලෙවි වෙනව.මේකෙන් අදාල මත්ද්‍රව්‍ය තමන්ගෙ ගෙදරටම හරි ඕන තැනට හරි ගෙන්න ගන්න ඔයාට පුලුවන්.
⁣මේකෙ පලවෙනි page එක වුනු silk road page එක FBI හොයාගන්නව. ඒක හදන්නෙ අවුරුදු 14ක කොල්ලෙක්. ආය මේ විදියටම පස්සෙ silk road pages විශාල ගනනක් නිර්මානය වෙනවා.

 

06.Hackers

වර්තමානයෙ පුද්ගලයෙක්ගෙ දරුණුතම ආයුදය තමයි Hacking කියන එක.
Hacking Page වලින් ඔයාට පුලුවන් තමන්ට අවශ්‍ය කම්පැනියට, web pages වලට රටකට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒවගේම තමන්ට අවශ්‍ය Hacking tools, රැන්සම්වෙයා වර්ග වගෙ සැහෙන්න දේවල් මේකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්.

07 Others

මේකෙ මොනවද තියෙන්නෙ කියනවට ලේසියි මේකෙ මොනවද නැත්තෙ කියල කියන එක.
ඉතුරු දේවල් කිව්වොත් මේකෙන් ඔයාට Green card එක නැත්ත්ම් ඇමරිකාවෙ පුරවැසිබාවය, $50000+ සමගින් Credit/debit card , Snipers,AK 47 වගෙතුවක්කු, බෝම්බ, විශ්වවිද්‍යාල, රොහල් සහතික හා ගුවන් යානා ලයිසන් පවා Dark web එකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්.

Dark web යෑම හෝ Tor browser එක භාවිතා කිරීම නීති විරෝදීද…?

ඇත්තවශයෙන්ම නැහැ, ඒක රදා පවතින්නෙ තමන් Dark web තුල කරන්නෙ මොකද්ද කියන එක මත. Dark web තුල වීඩියො බැලුවට hacking tools බයි කරාට ඒක නිතී විරොදී නැහැ, නිතිවිරොදී මත්ද්‍රව්‍ය ගෙන්වීම හෝ වෙනත් දේවල් කරල අහුවුනොත් නම් අනිවාර්ය දඩුවම් හිමිවෙනවා.
Tor browser එකත් දැන් හුගක් පුද්ගලයින් රහසිගතව අන්තර්ජාලයේ සැරිසරන්න වගේම ඇතුලු වීම සීමා කරල තියන සයිට් වලට ඇතුලු වෙන්න භාවිතා කරනවා.

ඇයි Dark web යන්න එපා කියන්නෙ..?

එපා කියනව නෙමෙයි තමන් කරන්න යන දේ ගැන සම්පූර්ණ දැනුමක් නැතුව යන්න එපා කියල කියන්නෙ. කියන තරම් යකා කලු නැ කියල සමහරු කිව්වට උන්ට හම්බවුනු යකා නොවෙන්න පුලුවන් ඔයාට හම්බවෙන්නෙ.

අර මං මුලදි කිව්ව පුද්ගලය Child p*orn බලන්න සමහර දවස්වල Dark web ගියපු පුද්ගලයෙක්.
දවසක් ඔහු ඒ Page එකක ඉද්දි එනව ලින්ක් එකක්.
ඒ ලින්ක් එකට යන ඔහුට දකින්න ලැබෙන්නෙ අප්‍රසන්න දේවල්, මිනීමැරුම් වදදීම් වගෙ. ඔහු ඉක්මනින් එම Page එකෙන් අයින් වෙන්න හැදුවත් දිගින් දිගටම එන්නෙ ඒක මොකද ඔහු ගිහින් තිබුනෙ Red Room එකකට. Red room page එකකට යද්දි මුලින් warning එකක් දෙනව ” එන්න කලින් දෙපාරක් හිතන්න කියල”
ඔහු දිගින් දිගටම උත්සහ කල පසුව Display වෙනව white screen එකක්. ඒකෙන් අයින් වෙන්න යද්දි ඔහුගෙ ලැප්ටොප් එකෙ තිබ්බ පෞද්ගලික ඡායාරූප ගණනාවක් එහි දිස්වෙනව. මේකෙන් ඔහු සැහෙන්න බය වෙනව වගේම අධික තරහකුත් එනව. ඊලගට page එක මැදින් Chat box එකක් ඕපන් වෙලා අහනව ⁣සයිට් එක ගැන. ඔහු අධික තරහෙන් කියනව මේක ජරාවක් මං පොලීසියට කියනව මේ ගැන කියල.
පස්සෙ ආපු දේවලින් ඔහු තවත් බය වෙනව මොකද ඒකෙ තියෙන්නෙ Laptoo එකෙ කැම් එකෙන් ගහපු තමන්ගෙ ෆොටෝ එකකුයි, ගෙදර ඇඩ්‍රස් එකයි තමන්ගෙ IP එකයි නිසා.
අධික තරහ හා බය නිසාම ඔහු එවලෙම තම ලැප්ටොප් එක කුඩු කර දමනවා වගේම තමන් පදිංචිව ඉන්න ගෙදරත් මාරු කරනව.
ඒ කොහොම උනත් ඇතිවුනු අධික පීඩනය නිසාම පසුව ඔහු සියදිවි නසාගෙන මියයනවා.

මේ හිංද තමයි කියන්නෙ හරියට දැනුමක් නැතුව යන්න එපා කියල මොකද එදිනෙදා dark web ගියපු අයත් මිය ගිහින් තියන හිංද.
කොච්චචර අදුරෙ එලියක් හොයන්න ගියත් වැඩක් නැහැ මොකද අදුරකින් එහාට මුකුත් නැති හිංද,
ඔයා නිකන් මානසික විකෘතිකයෙක් වෙන එක විතරයි මේකෙන් වෙන්නෙ.

මේකෙ තියන භයානක කම ගත්තොත්

01 Malicious Software

Malicious software කියන්නෙ Dark web එකෙ සාමාන්‍ය දෙයක්. හරියට security එකක් නැතුව ගියොත් malware විශාල ගනනක් ආසාදනය වෙන්න පුලුවන්.

  • Keyloggers
  • Botnet malware
  • Ransomware
  • Phishing malware

තමන් කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත් වැඩක් නැහැ. Tor browser එක ගත්තත් 100% ක් ආරක්ෂාව තහවුරු කරන්නෙ නැහැ.
Phihing වලින් තමන්ගෙ පෞද්ගලික විස්තර සේරම ඔවුන්ට ලබාගන්න පුලුවන්.
Ransomeware වලින් මුලු ලැප් එකම encrypt කරල දාන්න පුලුවන්.
ආසාවට ගියා වගේ නෙමේ ransomeware එකක් ආවොත් ලක්ෂ ගානක් දෙන්න වෙනව ආපහු හදාගන්න. මොකද surf web එකෙන් එන Ransomeware වගෙ පොඩි එව්ව නෙමෙ Dark web එකෙන් එන්නෙ.
අනිත් එක Trojan, ඔයා මොන hacking tools ගත්තත් සමහර ඒවගෙන් ඔයාටත් බලපෑමක් තියෙන්න පුලුවන්.
ඒවගේම පොඩි තැනක් ඇති Hacker කෙනෙක්ට ඔයාව අල්ලගන්න. Darkweb කියන්නෙ hackers ලගෙත් තෝතැන්නක්.තමන්ගෙ IP එක ගත්තනම් ඔයා ඉන්න තැන ලේසියෙන්ම හොයාගන්න එයාලට පුලුවන්.
ඔයා මේකෙන් මොනාහරි මිලදී ගත්තත් ඔයා⁣ගෙ විස්තර ඔවුන්ට දෙන්න වෙනව. Dark web එකට යද්දි වගේම ඔයා බයි කරද්දි වීඩියො බලද්දිත් Security Step ගනනාවකට මුහුණ දෙන්න ඔයාට සිද්දවෙනව. විශේෂයෙන් Child p’orn වගෙ page වලදි.
ඒවගේම Dark web එක තුල පෞද්ගලික තොරතුරුත් විශාල මුදලකට විකිනෙනව.

02. Government monitoring

මේ Dark web එක ගැන හැම රටකම රහස් පොලීසිය මගින් ඔත්තු බලමින් ඉන්නෙ. සෑම වරකම FBI,Row වගෙ රහස් ඔත්තු සේවා මගින් විවිද dark web Pages හදුනාගෙන ඉවත් කරනු ලබනවා. ඉතින් ඔයා මේකෙන් මුකුත් ගත්තෙ නැති වුනත් ඔයාගෙ තොරතුරු මේවගෙ තිබෙන්න පුලුවන්. ඔයා මුකුත් කලේ නැති උනත් පසුකාලෙකදි යම්දේකට වැරදි කරු වෙලා දුක්විදන්න වෙනව මොකද විස්තර ඇතුලත් නිසා.

ඇයි Dark web අයින් කරන්න බැරි..?

මොකද Dark web කියන්නෙ අන්තර්ජාලයේම කොටසක්. ඒක හරියට නිකන් අපි පෘථිවියෙන් ලංකාවම අයින් කරනව වගෙ කරන්න බැරි දෙයක්.
ලෝකෙ හැම දේකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනව.
හොදට නරකක් වගේම එලියට අදුරකුත්.
අන්තර්ජාලයේ නරක එහෙමත් නැත්තම් ප්‍රතිවිරුද්ද පැත්ත තමා Dark web එක. Darkweb අයින් කරන්න නම් මුලු අන්තර්ජාලයම අයින් කරන්න වෙනවා.
එතකොට FBI එකෙන් අයින් කරා කිව්වෙ.
ඔව් ලෝකෙ විශාල රහස් ඔත්තු සේවා වගේම White hat hackers ලගෙත් බලාපොරාත්තුව dark web සීමා කරන එක. ඒ උනාට හැමදේකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් තියනවනෙ. White hat ල විනාශ කරන්න කරන්න black hat ල ආය අලුතින් හදනව.
උදාහරණයක් විදියට Drugs ගැන කියපු “Silk road” page එක FBI එකෙන් හොයාගෙන නිර්මාණය කරපු දරුවව පරිවාසෙ දාලා සිරදඬුවම් නියම කරද්දි තවත් පුද්ගලයෙක් Silk road 2.0 නමින් අලුතින් page එකක් පටන් ගන්නව. ඒකත් FBI එකෙන් ඉවත් කරාට hackersල කණ්ඩායමක් නැවත Silk road 3.0 නමින් තවත් Page එකක් නිර්මාණය කරනවා.
ඉතින් මේ black -white hat ලගෙ සටන් වලින් මේක චක්‍රයක් වගෙ විනාශ වෙවී නැවත අලුතින් නිර්මාණය වෙනව. ඒක හිංද මේක විනාශ කරනව කියන්නෙ කරන්න බැරි වැඩක්.

Dark web යන්නෙ කොහොමද..?

මේ ටොපික් එක අන්තිමට ගත්ත මොකද යන්න කලින් ඔයාලට තමං කරන්න යන දේ ගැන හරි දැනුමක් දෙන්න ඕනි හිංද,

01. හොද Security software එකක් වගේම VPN එකක් යොදා ගන්න.

02. Tor browser එක install කරගන්න. මොකද dark web එකට යන්න පුලුවන් tor browser එක හරහා විතරයි.

03. Tor එක හරහා dark web හොයාගන්න.

Tor Browser එකෙන් ඔයාට .onion domain වලට යන්න Access දෙනවා. මේකෙදි නිකන් dark web කියල ගැහුවට dark web එන්නෙ නැහැ. ඔයා හරි ලින්ක් එක නැත්තම් address එක ගැහුවොත් විතරයි ඔයාට web එකට යන්න පුලුවන් වෙන්නෙ.මේ url අකුරු හො ඉලක්කම් වලින් සමන්විත වෙනව වගේම Surf web එකෙ වගෙ මතක තියාගන්න පුලුවන් url නෙමේ මේව.

Browse කරද්දි dark web search engine එකකින් browse කරන්න. Duck duck go, Not Evil, Torch, Haystack, හා Ahmia වගේ. ඒ වගේම Tor browser එකෙන්ම මේ Search engine ඕපන් කරගන්න.

Hidden*** කියන surf website එක darkweb link ගොඩක් දීල තියනව.
සමහර එව්ව වැඩ නොකරන්න පුලුවන් නැතිවෙන්න පුලුවන්. ඒවගේම ආපහු කියනව හරි දැනුමක් නැතුව යන්න එපා. මොකද තමන් මොන මානසික මට්ටමක ඉන්නවද කියල තමන්වත් දන්නැතිවෙන්න පුලුවන්.
සයිට් එකෙ ලින්ක් දානව වැටෙන කමේන්ට් අනුව මොකද අවදානමක් ගන්න බැහැනෙ

Dark web යන්න කලින් මේ ටිකත් කියවල යන්න..

* මුලින්ම තමං ගැන තමං කරන්න යන දේ ගැන අවබොදයෙන් ඉන්න..

යන්නං වාලෙ යන්නැතුව dark web එක ගැන හරි දැනුමක් ගන්න. ඒ වගේම තමං ගැන විශ්වාසය තියාගන්න මං මේ දේ කරන්න යන්නෙ කියල මොකද සමහර විට ඔයා එික ඇතුලෙ දකින දෙයින් පිස්සු වැටිල නතර වෙන්න පුලුවන්. ඔයා දකින දේම නෙමේ ඒකෙ තියෙන්නෙ. තාක්ෂණය ගැන අවබොධය තියා ගන්න. මොකක්හරි විශේෂ දෙයක් දැනෙනවනම් දෙපාරක් නොහිතා ඒකෙන් අයින් වෙන්න.

* වෙනත් account භාවිතා කරන්න.

මේක විශේෂ දෙයක් කවදාවත් තමන්ගෙ පෞදගලික නම්,email passwor, credit card විස්තර දෙන්න යන්න එපා. හැමවෙලේම බොරු විස්තර දෙන්න. ඒ වගේම dark web එකක use කරපු card සාමාන්‍ය ජීවිතේදි භාවිතා කරන්නත් එපා. කොටින්ම ඔයාව අදුනගන්න පුලුවන් වෙන විස්තර මුකුත් නොදෙන්න වග බලා ගන්න.

* Don’t download any files

Dark web එකේදි එන කිසිම file එකක් Download කරන්න යන් එපා. හොද Security software එකක් පාවිච්චි කරන්න කිව්වෙ ඒකයි. මොකද සමහර විට Scam files, Auto download වෙන්න පුලුවන්.
Antivirus software වලින් මේව හදුනගෙන ඉවත් කරල දාන්න පුලුවන්.

* Use local user account

හැමවෙලේම administrator එකෙන් නැතුව Local user account එකකින් ලොග් වෙන්න. මොකද Administrator account වල system setting වෙනස් කිරීමේ වාසිය සමහර Malware ගන්න හිංද.

ඉතින් මෙච්රයි Dark web ගැන කියන්න තියෙන්නෙ.
විස්තර සෑහෙන්න හෙව්ව ඒ මහන්සියට කමෙන්ට් එකක් දාගෙන යන්.
ඒ වගේම ඔයාලා දන්න දේවලුත් කියාගෙන යන්න dark web ගැන. ගියපු අයත් ඉන්නවනම්.
Darkweb ලින්ක් දාන එක ගැන දෙපාරක් හිතුව මොකද සමහර අය ආසාවට යන්නන් වාලෙ යන හිංද.

 

Source- Kaspersky /avast/ wikipedia /the washington post

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.