Categories

සමේ පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි සබන් වර්ගයක් නිපදවමින් ඇමරිකාවේ ප්‍රමුඛතම තරුණ විද්‍යාඥයා ලෙස කිරුළු පැළඳි අවු: 14ක් වයසැති Heman Bekele

වර්ජීනියාවේ Annandale හී පිහිටි W.T Woodson උසස් පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Heman Bekele විසින් 2023 3M young scientists අභියෝගයට මුහුණ දී $25,000 ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ චර්ම පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි, දැරිය හැකි මිලකට ලබා ගත හැකි ලෙස සබන් කැටයක් නිපදවීමෙනුයි.

මෙහිදී අවු:14ක් වයසැති හේමන් විසින් පිළිකා මර්දන සබන් නිපදවා තිබෙන්නේ පිළිකාවට එරෙහිව සටන් කරන ඩෙන්ඩිට්‍රික් සෛල නැවත සක්‍රීය කිරීම සඳහා සොයා ගෙන තිබෙන අමු ද්‍රව්‍ය 3ක් එකතු කිරීමෙනුයි.

දැනට පවතින වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඩොලර් 40,000 ට වඩා සසඳන විට සෑම බාර්එකකටම ඩොලර් 0.50 ක් පමණක් වැය වන බව Bekele සොයා ගත්තේය.

“සමේ පිළිකා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මිනිසුන් තුළයි.

ඒත් operation එකක් සඳහා සාමාන්‍ය මිළ $40,000 ක්.

මිනිසුන්ට, සෞඛ්‍ය ගැටළු වලට ප්‍රතිකාර ලබා ගැනීම සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර ලබා දීම අතර තේරීමක් කිරීමට සිදු වීම ගැන මම කණගාටු වෙනවා. වළක්වාගත හැකි මරණ ඕනෑ තරම් තිබෙනවා. ” Heman විසින් Farifax Country Public school වෙත පවසා තිබෙනවා.

හේමල් ගේ බලාපොරොත්තුව වන්නේ ඉදිරි වසර 5 තුළදී මෙම නවෝත්පාදනය වැඩි දියුණු කරමින් අඩු වියදම් අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට බෙදා හැරීම සඳහා ලාභ නොලබන සංවිධානයක් නිර්මාණය කිරීමයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.