Categories

එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා USS Eisenhower නම් ඔවුන්ගේ 2 වන ගුවන් යානා ප්‍රහාරක නෞකාවත් යොදවයි

ඉරානය හෝ හිස්බුල්ලා සංවිධාන ඊශ්‍රායල-හමාස් ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා පෙන්ටගනය විසින් ඔවුන්ගේ දෙවන ගුවන් යානා ප්‍රහාරක නෞකාව මධ්‍යධරණී මුහුදට යවා තිබෙනවා.

USS Dwight D. Eisenhower carrier strike group prepares to deploy |  13newsnow.com

එක්සත් ජනපද නිළධාරියෙකු පවසන්නේ ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා ඊශ්‍රායලයෙන් ඔබ්බට ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටින, පළමු ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන USS Gerald R Ford නෞකාව සමග එක් වන ලෙසට මෙම දෙවන ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන USS Eisenhower නෞකාවට නියෝග කළ බවයි.

The USS Gerald R. Ford: A Game-Changer in Naval Defense

එසේම එක්සත් ජනපද නිළදාරීන් මෙම සතිය මුලදී ප්‍රසිද්ධියේම පවසා තිබුණේ මධ්‍යධරණී මුහුදේ USS FORD ප්‍රහාරක නෞකා රඳවා තැබීම සහ එම කලාපයට එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා එකතු කිරීම, ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ කැපවීම පෙන්නුම් කරනවා සේම ඉරානයට සහ හිස්බුල්ලා සංවිධාන වලට ඊශ්‍රායල-හමාස් ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීමත් අදහස් කරන බවයි.

මෙම ක්‍රියාවන් සිදු කළේ ඊශ්‍රායලයේ ආරක්ශාවට එක්සත් ජනපදයේ ඇති සහයෝගය වචන වලින් නොව ක්‍රියාවෙන්ම පෙන්නුම් කිරීම සඳහා බවට එක්සත් ජනපද ආරක්ශක නිළඳාරීන් පවසනවා.

එසේම අවශ්‍ය නම් අමතර සහය සඳහා USS Bataan Amphibious ප්‍රහාරක නෞකාවත් ඊශ්‍රායලය ආසන්නයට යෙදවීමට පෙටන්ගනය සළකා බලමින් සිටින බවද ඔවුන් පවසනවා.

USS Bataan | National Review

දැනට මධ්‍යධරණී මුහුදේ USS Ford නෞකාවට අමතරව cruiser USS Normandy (CG 60), USS Thomas Hudner (DDG 116), USS Ramage (DDG 61), USS Carney (DDG 64), and USS Roosevelt (DDG 80) නෞකාද රඳවා සිටිනවා.

 

USS Roosevelt (DDG 80)

 

 

USS Carney (DDG 64)

 

 

USS Ramage (DDG 61)

 

USS Thomas Hudner (DDG 116)

 

cruiser USS Normandy (CG 60)
Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.