Categories

U.S පරිශීලකයින් ඉලක්ක කර TeaBot අනිෂ්ට මෘදුකාංග නැවත Google Play Store වෙතට

TeaBot බැංකු ට්‍රෝජන් Google Play Store තුල නැවත වරක් දැකගත හැකි වූ අතර එහිදී මෙය QR කේත යෙදුමක් ලෙස පෙනී සිටිමින් උපාංග 10,000කට වඩා පැතිර ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේදී, පර්යේෂකයන් සොයා ගත්තේ TeaBot malware එක ‘QR Code & Barcode – Scanner’ නම් නීත්‍යානුකූල QR කේත යෙදුමක් ලෙස පෙනී සිටින බවයි.

මෙය instrall කිරීමෙන් පසු, යෙදුම පණිවිඩයක් හරහා update කිරීමක් ඉල්ලා සිටින නමුත් එය Play Store සම්මත ක්‍රියාපටිපාටියට පටහැනිව, භාහිර ක්‍රමයකින් ලබා ගනී.
පරිශීලකයා විසින් අවසර ලබා දීමෙන් පසුව
පහත කාර්‍යන් සදහා අවසර ඉල්ලනු ලබයි.

මේ වනවිට TeaBot සක්‍රියව එක්සත් ජනපදයේ පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් සිටින අතර, දැන් එයට රුසියානු, ස්ලෝවැක් සහ චීන භාෂා ද එකතු කර තිබෙනවා.

මේ නිසා බැංකු ට්‍රෝජන් ආසාධනය වීම අවම කරගැනීම සදහා දුරකථනයේ ස්ථාපිත කරනු ලබන යෙදුම් අවම කරගැනීමත්,ස්ථාපනය කරනු ලබන යෙදුමක් සැක සහිතයි නම් ඉවත් කිරීමත් වැදගත් වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.