Categories

Apple, රුසියාවට තම නිශ්පාදන සැපයීම අත්හිටුවයි.

මෙලෙස ඇපල් විසින් තම නිශ්පාදන රුසියාවට අලෙවි කිරීම නවතා ඇත්තේ ඩිජිටල් පරිවර්තන අමාත්‍යවරයා වන යුක්රේනයේ උප අගමැති Mykhailo Fedorov ⁣ගේ ඉල්ලීමක් මතයි.

යුක්රේනයේ උප අගමැති ටිම් කුක් වෙත ලිපියක් ට්වීට් කරමින් ඉල්ලා සිටියේ ඇපල් ඇප් වෙළඳසැලට ප්‍රවේශය අවහිර කරන ලෙස හා රුසියානු සමූහාණ්ඩුවට Apple හි සේවාවන් සහ නිෂ්පාදන සැපයීම නතර කරන ලෙසයි
එලෙසම ඔහු PlayStation සහ Xbox වෙතිනුත් ඉල්ලා සිටියේ රුසියානු වෙළෙඳපොළට සහාය දීම නවත්වන ලෙසයි.

 

යුක්රේන උප අගමැති කරන ලද ඉල්ලීමක් වන Apple Store අවහිර කිරීම තවමත් සිදු කර නොමැති අතර රටට එරෙහි සම්බාධක හේතුවෙන් Cupertino දැනටමත් සමහර රුසියානු පරිශීලකයන්
Apple pay වෙතින් කපාහැර තිබෙනවා.තව දුරටත් ඔවුන් Apple store වලින් RTNews හා Sputnik News ඉවත් කර තිබෙනවා.
එලෙසම යුක්රේන චලනයන් නිරීක්ෂනය කිරීම වැලැක්වීමට යුක්රේනයේ ඇපල් සිතියම් තුලින් රථවාහන රටාවන් හා සජීවි වාර්තවන් ද ඉවත් කිරීමට Apple කටයුතු කර තිබෙනවා.

අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ඇපල් කියා සිටියේ රැසියාව යුකරේනය ආක්‍රමණය කිරීම පිලිබදව කනස්සල්ලට පත්වන අතරම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පීඩා විදින සියලුම ජනතාව සමග තමන් සිටින බවයි.

මෙලෙස රුසිියාවෙහි ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහිව පියවර ගැනීමට තාක්ෂණික දැවැන්තයින් පියවර ගෙන ඇති අතර
එසේ ගෙන ඇති පියවර අතර
•Intel සහ AMD විසින් රට තුළට කාර්මික චිප් අලෙවිය නතර කිරීම

•Meta විසින් රුසියානු රාජ්‍ය මාධ්‍ය එහි platform වල දැන්වීම් පලකිරීම තහනම් කිරීම

• Google විසින් YouTube හි රුසියානු නාලිකාවලට නිරාවරණය වීම සීමා කිරීම හා රුසියානු රාජ්‍ය මාධ්‍ය Youtube හි සේවාවන් සඳහා මුදල් ඉපැයීම අවහිර කිරීමත් වනවා.

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.