Categories

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ සුවිශේෂී ඡායාරූප පෙලක්..!

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියාත්මක කිරීමේ අදියරේදී, නාසා එය  සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කරන බ්‍රහස්පති වෙත යොමු කළේ සියලු උපකරණ අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සදහායි.

එහි මුල් සාම්පල ඉතා සිත්ගන්නාසුළු වූ නමුත් පුරවැසි විද්‍යා ප්‍රජාවේ සාමාජිකයෙකු  සම්පුර්ණයෙන් සකසන ලද පින්තූර තරම් ආකර්ෂණීය වුනේ නැහැ.

උඩ දක්වල තියන බ්‍රහස්පතිගේ සංයුක්ත ඡායාරූපය   F360M (red), F212N (yellow-green), සහ F150W2 (cyan) කියන filter 3ක් සහිත Webb’s NIRCam එකෙන් ඡායාරූප ගත කර ඇති අතර
අධෝරක්ත කිරණ මිනිස් ඇසට නොපෙනෙන නිසා Scope එකෙහි  ආලෝකය දෘශ්‍ය වර්ණාවලියට සිතියම්ගත කර තිබෙනවා.


බ්‍රහස්පති ග්‍රහයාගේ උතුරු හා දක්ෂිණ ධ්‍රැවවල ඇති අවුරෝරා රතු පැහැයට සිතියම්ගත කරල තියනවා. කොළ සහ කහ වර්ණවලට සිතියම්ගත කර ඇති දෙවන filter එක මගින් ධ්‍රැව වටා කැරකෙන මීදුම් පෙන්වන  අතර නිල්පාටින් සිතියම්ගත කර ඇති තුන්වන filter එක ගැඹුරු ප්‍රධාන වලාකුළකින් එන ආලෝකය පෙන්වනු ලබනවා.
එලෙසම මැද ඇති රතු ලපය හිරු එළිය පරාවර්තනය කරන නිසා බොහෝ දුරට සුදු පැහැයකිනුයි දිස්වන්නේ.

බ්‍රහස්පති ග්‍රහයාගේ පුළුල් දර්ශනය ඊටත් වඩා සිත් ඇදගන්නා සුළු වන්නේ අපට ග්‍රහලෝකයට වඩා මිලියන ගුණයකින්  බ්‍රහස්පතිගේ වළලු මෙන්ම එහි චන්ද්‍රයන් දෙදෙනෙකු වන Amalthea සහ Adrastea ද දැකගතහැකි වන නිසායි.
එමෙන්ම පසුබිමේ ඇති නොපැහැදිලි පැල්ලම් දුරස්ථ මන්දාකිණි යැයි විශ්වාස කෙරෙනවා.

රූප සැකසූ විද්‍යාඥ Judy Schmidtපැවසුවේ  ග්‍රහලෝකය භ්‍රමණය වන වේගය නිසාම අනෙකුත් බොහෝ ඉලක්ක වෙත ලගාවීම අපහසු බවයි.
එනිසාම, සමහර පින්තූර සැකසීමේදී  ගැටළු නිරාකරණය කිරීම සඳහා ඩිජිටල් ලෙස සකස් කර තිබුණා.

Source – techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.