Categories

Instagram හරහා ලේසියෙන්ම Thread App එකට Sign- up වෙමු

මාක් සකර්බර්ග් ට්විටර් එක වගේම හදපු Threads ඇප් එක හෙට නිකුත් කරන්න ඉන්නවා කියලා අපි කිව්වනේ. ඒ වගේම මේක දැනට Apple පරිශීලකයන්ට පමණයි App store වල බලාගන්න පුලුවන් කියලත් අපි සඳහන් කරානෙ.. ඉතින් ඔන්න ලේසි ක්‍රමයක් හරහා ඔයාලට පුලුවන් Threads ඇප් එකට Sign up වෙන්න. මේකෙදි අදාල Qr එක ස්කෑන් කරලා ඔයාලට ලේසියෙන්ම App store තුළින් Threads යෙදුම download කරලා sign up වෙන්න පුලුවන්.

 

Here are the steps

01. Instagram search bar එකට ගිහින් Threads ලෙස type කර search කරන්න

 

02. Search bar එකේ දකුණු පස කෙළවරෙහි දිස්වන රෝස පැහැති ටිකට් ඉමොජිය ක්ලික් කරන්න

 

03. දැන් එක පැත්තක Threads යෙදුමෙහි ලාංඡනය සහ අනෙක් පැත්තෙන් ඔබගේ ඉන්ස්ටග්‍රෑම් පරිශීලක නාමය සහිත කැරකෙන ප්‍රවර්ධන කාඩ්පතක් දැකගත හැකි වෙනවා.

 

මෙම කාඩ්පතෙහි ඉහළින් යෙදුම නිකුත් කරන දිනයට අදාල ටයිමරයක් දිස්වන අතර Username එකට පහළ ඇති QR code එක Scan කිරීම මගින් App store හරහා Threads යෙදුම Download කරගත හැකි වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.