Categories

Google translate තුළ crypto-mining malware සොයා ගනී

ඔයා google එකේ google translate desktop app සර්ච් කරොත් google translate ඇප් download කරගන්න පුලුවන් web sites විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. හැබැයි ඔයා දන්නවද නිල google translate desktop app එකක් නැහැ කියලා. ඒ කියන්නේ google translate android app එකක් විතරයි නිල විදියට තියෙන්නේ. ඉතින් මේ ගොඩක් google translate desktop app නිර්මාණය කරල තියෙන්නෙ crypto mining malware බෙදා හරින්නයි. මේ apps බොහොමයක් multiple security protocols වලින් සැගවිලා ඉන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා.

මේ සතියේ, IT ආරක්ෂක කණ්ඩායමක් වන Checkpoint Research (CRP)  විසින් Google Translate ඇතුළු නීත්‍යානුකූල පෙනුමක් ඇති apps පිටුපස සැඟවී සිටින crypto mining malware සොයා ගෙන තිබෙනවා. විශේශම දේ තමා පර්‍යේෂකයන් විසින් uptodown, softpedia වැනි ජනප්‍රියම සහ ආරක්ශිතම software download web sites වලින්ද මේ malware සොයා ගැනීම.

ඒ වගේම Google Translate, Yandex Translate, Microsoft Translator, YouTube Music, mp3 downloader, auto-shutdown කියන desktop version වලද මේවා අන්තර්ගත බව ඔවුන් සදහන් කරනවා. ඉතින් පර්‍යේශකයන් පවසන්නේ මේවා වෙනුවට official web based හෝ mobile version භාවිතා කරන්න කියලයි.

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.