Categories

Play Store තුලින් Call recording ඇප් ඉවතට..!

මෙලෙස play store නව ප්‍රතිපත්ති හදුන්වා දීම තුලින් තෙවන පාර්ශවීය ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් සියල්ල ඉදිරි මාසයේ සිට ඉවත් කිරීමට කටයුතු කර ඇත.

Google විසින් ඉදිරිපත් කර ඇති නව Play Store ප්‍රතිපත්ති මාලාවට අනුව පරිශීලකයින්ට ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් ලබා දීමට බොහෝ සංවර්ධකයින් විසින් භාවිතා කරන එහි Accessibility tools එක එම සංවර්ධකයින්ට තවදුරටත් භාවිතා කළ නොහැකිය.
මෙයින් third party call record app නවත්වන අතර එය මැයි 11 වනදා සිට ක්‍රියාත්මක වනවා ඇති.

නොදන්න අය⁣ට,මේ Accessibility API එකෙන් google එකෙන් block කර තිබියදී පවා Android 10 හා ඊට ඉහල දුරකථනයන්ට call record service එක ලබා දෙන්න developers ලට හැකියාව පවතිනවා.
Google මෙම call record block කිරීම ආරම්භ කළේ Android 6.0 සිටයි.
කෙසේ නමුත් මෙය googleහි Pixel,xiaomi හා oppo වැනි in built call recording ඇති දුරකථන සදහා අදාල වන්නේ නැත.
ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීම පිටුපස ඇති හේතුව පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව බව පැවසූ නමුත් මෙම දැඩි ප්‍රතිපත්තිය සැබවින්ම හොඳ අදහසක් දැයි කිව නොහැක්කේ in built call recording feature බොහෝ දුරට පවතින බැවිනි.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.