Categories

ඉතිහාසයේ විශාළතම සාක්ෂි වසන් කිරීම

UFO රහසිගතව තබා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස එක්සත් ජනපද රජය විසින් මිනිසුන්ව ඝාතනය කළ බවට එරට හිටපු බුද්ධි අංශ නිළදාරියෙකු, ඇමරිකානු කොංග්‍රසය විසින් පවත්වන ලද විභාගයකදී හෙළි කර තිබෙනවා.

ඩේවිඩ් ගෘශ් (David Grush ) නම් හිටපු ඉහළ පෙළේ බුද්ධි අංශ නිළදාරියෙක් වන ඔහු ප්‍රකාශ කර තිබුණේ 1930 ගණන් වල සිට එක්සත් ජනපදය විසින් UFO ඔවුන් සංතකයේ තබා ගෙන සිටි බවත්, රහසිගතව පසුබිම් කර තිබුණු එම තොරතුරු ප්‍රසිද්ධියේ කාන්දු වීම වැළක්වීම සඳහා ප්‍රසිද්ධව වැරදි තොරතුරු ව්‍යාපාරයක් ද සිදු කළ බවටයි.

ඒ අනුව ගෘශ් ඇතුළුව හිටපු ගුවන් නියමුවෙකු වන Ryan Graves සහ 2004 වර්ශයේදී “Tic tac” UFO දුටු නාවික හමුදාවේ ප්‍රවීණ ප්‍රහාරක ගුවන් නියමු කමාන්ඩර් David Fravor යන තිදෙනා මෙලෙස කොංග්‍රසය සඳහා සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා.

සාක්ෂි දීමේදී ගෘශ් කියා සිටියේ ජීව විද්‍යාත්මක නියමුවන් සිටි මනුශ්‍ය නොවන ගුවන් යානා එක්සත් ජනපද රජය විසින් සොයා ගෙන තිබූ බවට විශ්වාස කළ හැකි තවත් බුද්ධි අංශ නිළදාරීන් කිහිප දෙනෙකුම ඔහුට පැවසූ බවයි.

 

නාවික හමුදාවේ ප්‍රවීණ ප්‍රහාරක ගුවන් නියමු කමාන්ඩර් ඩේවිඩ් ෆ්‍රේවර්

 

හිටපු ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරි ඩේවිඩ් ග්‍රුෂ්

 

රයන් ග්‍රේව්ස් කමිටුවට පැවසුවේ තමා සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 30 කට වැඩි පිරිසක් සහ ප්‍රවීණයන් යූඒපී, හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන් සහ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ කොන්ග්‍රස් සාමාජිකයින් සමඟ අත්විඳ ඇති බවයි.
රයන් ග්‍රේව්ස්

එසේම මෙම විශේෂ වැඩසටහන් වල කොටසක් ලෙස වැඩ කිරීමෙන් සහ UFOs හමු වීම නිසා ශාරීරිකව තුවාල ලැබූ සගයන් කිහිප දෙනෙකු ගැනත් ඔහු දන්නා බව ගෘශ් වැඩි දුරටත් පවසා තිබෙනවා.

අභ්‍යවකාශ යානා වලින් එකක් 1933 දී උතුරු ඉතාලියට කඩා වැටුණු බවත්, බෙනිටෝ මුසෝලිනී විසින් එය සැගවූ බවටත් ගෘශ් සඳහන් කරනවා.

මෙම පිටසක්වල අභ්‍යවකාශ යානාවලින් එකක් 1933 දී උතුරු ඉතාලියේදී කඩා වැටුණු අතර එය ෆැසිස්ට් ආඥාදායක බෙනිටෝ මුසෝලිනි විසින් රහසිගත කළ බව Grusch පවසයි.  පින්තූරයේ ඇත්තේ බිඳවැටීම විස්තර කිරීම සඳහා අත් අකුරින් ලියන ලද සටහනකි
එම යානය කඩා වැටීම විස්තර කිරීමට අත් අකුරින් ලියන ලද සටහන

 

හිටපු ගුවන් නියමුවෙකු වන ග්‍රේව්ස් විසින් කමිටුවට පැවසුවේ ඔහු සහ ගුවන් කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 30කට වැඩි පිරිසක්ද UAPs (හඳුනා නොගත් ගුවන් සංසිද්ධි – Unidentified Arrial Phenomena) අත් විඳ ඇති බවටයි.

රෙඩ් රිපර්ස් හී F-18 ගුවන් නියමුවෙකු ලෙස 2014 වාර්ජීනියා වෙරළ ආසන්නයේ පැවති පුහුණු මෙහෙයුමකදී, ඔවුන්ගේ බලඝණය UFO නිසා බෙදී ගිය බවටද ඔහු පවසනවා. එම අවස්ථාවේදි තමන් දුටු වස්තුව ගැන ග්‍රේව්ස් විස්තර කලේ “එය විනිවිද පෙනෙන තද අළු හෝ කලු පැහැති ගෝලයක්” බවත් එය අඩි 15ක් පමණ වන බවයි.

ඒ අනුව පසුව මෙහෙයුම් අණ දෙන නිළධාරියා විසින් එම ගුවන් මෙහෙයුම නවතා ආරක්ශිත වාර්තාවක් ඉදිරිපත් කළ බවටද ග්‍රේව්ස් විස්තර කරනවා.

කොංග්‍රසයේ නියෝජිත Glenn Grothman විසින් ගෘශ් ගෙන්, රජය සන්තකයේ UFO ඇති බවට ඔබ තරයේ විශ්වාස කරන්නේදැයි ඇසූ පැනයට ගෘශ් පිළිතුරු දී තිබුණේද “අනිවාර්‍යයෙන්” ලෙසයි.

තවද, ෆ්‍රේව්ස් විසින් සඳහන් කර තිබුණේ ඔහු සහ ඔහුගේ සගයන් 2009 දී ඉන්දුනීසියාවේ සේවය කරමින් සිටිය අතරතුර ආයුධ සන්නද්ධව සිටි පියාඹන පීරිසියක් දුටු බවටයි.

ඩේවිඩ් ෆ්‍රේවර් 2004 නොවැම්බර් 10 වන දින කැලිෆෝනියාවට ඉහළින් අහසේ දුටු ටික් ටැක් හැඩැති වස්තුව ගැන සාකච්ඡා කළේය නාවික හමුදාවට වස්තුව සොයාගත හැකි දේ පිළිබඳ වීඩියෝව 2017 දී කාන්දු වූ අතර පෙන්ටගනය 2020 දී නඩුව ප්‍රකාශ කළේය
ඩේවිඩ් ෆ්‍රේවර් 2004 නොවැම්බර් 10 වන දින කැලිෆෝනියාවට ඉහළින් අහසේ දුටු ටික් ටැක් හැඩැති වස්තුව

 

සාක්ශි ඉදිරිපත් කිරීමට අදාල වීඩියෝ 

 

source : –  Daily mail

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.