Categories

iphone’s pay later feature එක

දැන් මිලදී ගන්න,පසුව ගෙවන්න විශේශාංගය දැන් iPhone සදහා පැමිණ තිබෙනවා. ගිය සදුදා දින පැවති WWDC සමුළුවේදීයි apple විසින් මෙලෙස pay later feature එක නිකුත් කරන බව සදහන් කරනු ලැබුවේ.

apple wallet සදහා පැමිණි මෙම නව feature එක මගින් ඔබ මිලදී ගන්නා භාණ්ඩ සදහා මුදල් සති 6ක් ඇතුළත කාණ්ඩ 4ක් යටතේ ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ කිසිදු පොලී සහ අමතර ගාස්තු නොමැතිවයි.

apple wallet හී දැනට ප්‍රධාන සේවා 3ක් තිබෙනවා. ඒ Apple pay,Apple card,Apple cash යන ඒවායි. Apple pay මගින් හරපත් සහ ණයපත් ගබඩා කිරීමට සහ ඔන්ලයින් ඔස්සේ ගණුදෙනු කිරීමට පහසුකම් සපයනවා. Apple card මගින් සම්මත ඩිජිටල් ක්‍රෙඩිට් කාඩ්පතක් මෙන් ක්‍රියා කරන MasterCard සහ Goldman Sachs විසින් නිකුත් කරන ලද ණය ගිණුමකින් ගනුදෙනු කළ හැකියි. Apple cash මගින් සම ගෙවීම් සිදු කරන්න හැකියාව තිබෙනවා.

Apple pay later වලදි විකල්ප දෙකක් ලබා දෙනවා. ඒ pay in full සහ pay later කියන දෙක. pay later මගින් භාණ්ඩ මිලදී ගන්නා විට අදාල මුදල කොටස් 4කට බෙදෙනවා. ඉන් පලමු කොටස භාණ්ඩ මිලදී ගන්නා විට ගෙවිය යුතු අතර අනෙක් කොටස් 3 සති දෙකකට සැරයක් ගෙවිය යුතුයි. ඒ අදාල සෑම ගෙවීමක්ම වගේම ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගෙවීම් කාලසටහනක් ලෙස apple pay later තුල display වනු ලබනවා.

මෙම Apple pay later feature එක iOS 16 තුළ ඇතුළත් වෙනවා. මේ නිසා නව iOS 16 එකත් සමගයි මෙය නිකුත් වෙන්නේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේදි මෙය නිකුත් වෙතැයි අපේක්ශා කරනු ලබනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.