Categories

presentation එකක් හදාගන්න අයිඩියා එකක් නැද්ද ? Word document එකක් පහසුවෙන්ම PowerPoint වලට Export කරගන්නේ මෙහෙමයි

Microsoft හඳුන්වා දීපු Microsoft 365 හරහා අපිට පහසුවෙන්ම Word Doc එකක් PPT වලට Export කරලා presentation හදාගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුලින්ම මම ප්‍රෙසන්ටේශන් එකට ටොපික් එකක් විදියට ගන්නේ අපෙ සයිට් එකෙ තියෙන DOS සහ DDOS ගැන දාපු ආටිකල් එක.

ඔයාට ටොපික් එකක් ගැන තොරතුරු නැත්තම් ChatGPT හරහා පහසුවෙන්ම ඔයාට අවශ්‍ය ටොපික් එකට අදාල තොරතුරු ලබා ගන්නත් පුලුවන්.

01. Microsoft 365 Website එකට යන්න.

microsoft 365 කියලා සර්ච් කරලා වෙබ් සයිට් එකට ලොග් වෙන්න.

 

02. දකුණු පැත්තෙ යටම තියෙන Word එකට යන්න.

දකුණු පැත්තෙ යට තියෙන Word icon එක ක්ලික් කරලා blank doc එකක් open කරගන්න.

 

03. අදාල විස්තර ඇතුළත් කරන්න.

open කරගත්තු Blank doc එකට, ඔයාගේ ටොපික් එකට අදාල විස්තර ඇතුළත් කරන්න.

 

04. word doc එක PPT වලට Export කරන්න.

දැන් උඩම File option එක ක්ලික් කරලා Export එකට ගිහින් Export to powerpoint presentation දෙන්න.

දැන් ඔයාට එයි theme එකක් තෝරන්න. ඒකෙන් ගැලපෙන theme එකක් තෝරලා Export එක දෙන්න.

ඊලගට එයි open presentation කියලා එකක්. ඒක දෙන්න.

 

05. අදාල doc එක PPT වලින් open කරගන්න.

දැන් ඔයාගේ Word doc එක PPT එකෙන් open වෙලා ඇති. මෙතනින් ඔයාට පුලුවන් අදාල තොරතුරු වෙනස් කරගන්න, slides වෙනස් කරගන්න වගේම Design customize කරගන්නත්.

වම් පැත්තෙ තීරුවෙන් ඔයාට බලාගන්න පුලුවන් හැම slide එකකටම Designer tab එකක් open වෙනවා. ඔයා slide එකක් ක්ලික් කරනකොට වම් පැත්තෙන් slide customize option එකක් දෙන නිසා ඔයාට ඒ slide එකේ design එකත් පහසුවෙන්ම වෙනස් කරගන්න පුලුවන්.

06. PPT එක save කරගන්න.

දැන් ඔයාට තියෙන්නෙ PPT එකේ file option ගිහින් අදාල ප්‍රෙසන්ටෙශන් එක ඔයාගේ pc එකට save කරගන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.