Categories

Apple හි FaceTime ඇප් එක දැන් Android හා Windows වලටත්

හුගක් අය apple සිස්ටම් එකේ රැදිලා ඉන්නෙ iMessage හා FaceTime වල ඔවුන්ගේ මිතුරන් හා පවුලේ අය දැනටමත් ඉන්න නිසා.

ඇපල් WWDC එකේදි FaceTime ඇප් එක android හා Windows වලට ලබා දෙන බව නිවේදනය කරා. කෙසේ නමුත් එය ඇප් එකක් මගින් ලබා නොදෙන බවත් වෙබ් බ්‍රව්සර් එකක් මගින් FaceTime හා සම්බන්ධ විය හැකි බවත් පැවසුවා.
ඇපල් සිස්ටම් එකෙන් පිටත ඉන්න පුද්ගලයින් එක්ක FaceTime සංවාදයක් පැවැත්වීමේ හැකියාව ඉක්මනින් ලැබෙන්න පුලුවන් ඇපල් කිව්ව විදියට.
මේකෙදි Link එක මැසෙන්ජින් ඇප් එකකින් හරි email එකකින් හරි යවන්න පුලුවන්. Link එක ක්ලික් කරපු ගමන් වෙබ්‍ බ්‍රව්සර් එක හරහා FaceTime හි end to end encryption එක මේන්ටේන් කරන ගමන්ම ඔහුව FaceTime සමග සම්බන්ධ කරනවා.

ඇප් එකක් use කරනවා තරම් ලේසි නොවුනත් දෙවෙනි හොදම විකල්පය තමයි මේක.

දිගුකාලීන පරිශීලකයන්ට භුක්ති විදින්න අලුත් feature රැසක් සමග FaceTime ලබා දෙනවා.
පලවෙනි එක විදියට Call එකක ඉන්න සේරම අය බලාගන්න grid view options එකක් තියනවා.
Voice වල ගුණාත්මකබාවය හා වෙනස වැඩිද්යුණු කිරීම සදහා voice isolation feature එක හදුන්වලා දීලා තියනවා. අනික් එක නම් පසුබිම බොද කිරීමේ අංගය.

SharePlay තමා අනික් Feature එක මේකෙන් සමූහයකට මාධ්‍ය නැරඹීමට හෝ සවන් දීමට ඉඩදෙනවා. පරිශීලකයන්ට වීඩියෝ,සංගීතය හා ඔවුන්ගේම තිරය බෙදාගන්න ඉඩ සලසනවා.

ඇපල්හි first party සර්විස් වන Apple TV+ හා Apple music SharePlay භාවිතා කරනවා වගේම Third party Streaming සර්විසස් වන Disney+,Twitch,HBO Max,ESPN හා Paramount+ මේකෙන් වාසි ලබාගෙන තියනවා.

Article written by sahan nimesha samarakoon