Categories

Apple ද Android ද වැඩිය හොඳ?

iOS vs. Android: When it comes to brand loyalty, Android wins ...

ඇන්ඩ්‍රොයිඩ් ගැනයි ඇපල් ගැනයි එක එක අය විවිධ කතා කියනවා. ඇපල් පාවිච්චි කරන අය ඒක හොඳයි කියනවා, ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය ඒවා හොඳයි කියනවා. ඒත් මේ දෙකෙන් හොඳම දේ මොකක්ද කියන දේ තීරණය කරන්න ගොඩක් පැති වලින් ඒ දිහා බලන්නට ඕන. දැන් ඒකට වෙලාවයි.

1. Hardware සහ පෙනුම.

FaceTime for Android to iPhone, Ipad and Mac

ඇපල් ෆෝන්වල ඩිසයින් එකයි ෆිනිෂ් එකයි අනිත් ඒවාට සාපේක්ෂව හොඳ තත්ත්වයක් තියෙනවා. මිලත් එක්ක ඊට සාධාරණ පෙනුමක් ඒකට තිබෙනවා වුණාට ඒ පෙනුම ගන්නට නම් ඇන්ඩ්‍රොයිඩ් Experience එකට කැමති කෙනෙක්ට වුණත් iOS වලට යන්නට වෙනවා. මොකද ඇපල් ෆෝන්වල තියෙන්නේ එයාලගේම iOS කියන මෙහෙයුම් පද්ධතිය නිසා ලස්සන බලාගෙන තවත් පැත්තකින් අවාසියක් ගන්න සිද්ධ වෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල අඩු මිල ඉඳලා ඉහළ මිළ වෙනකම් විවිධ ඩිසයින් තියෙන ෆෝන් තියෙන නිසා ඔප්ෂන් ප්‍රමාණෙ වැඩියි. එහෙම බැලුවාම, ඇපල් පැත්තෙන් ඇපල් දිනුම්. ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් Samsung, Huawei, Oppo, Nexus, LG, Motorola, OnePlus, Nokia ආදී මෙකී නොකී සමාගම් සේරම දිනුම්.

2. Battery life

How To Preserve Battery Life In iOS 7 - Syncios Blog

ඇපල් වුණත් ඇන්ඩ්‍රොයිඩ් වුණත් අපිට බැට්‍රිය නම් හොඳටම ඕන වෙනවා. එතකොට ඉතින් පැය දෙක තුනෙන් බැහැලා යන බැට්‍රියක් තියෙන මොන ෆෝන් එකෙන්වත් වැඩක් නැහැ. නිතර ගමන් බිමන් යන, චාර්ජ් කරගන්න ක්‍රමයක් නැති කෙනෙක්ට ටක් ගාලා බැටරි ඩෙඩ් වෙන එක වාතයක් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ෆෝන් වල Power Saving Mode එහෙම දීලා තිබෙන නිසා ශේප් එකේ දවස ඇදගන්න පුළුවන්. ඒත් ගොඩක් ඇප්ස්: ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ක්‍රෝම්, මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් වගේ සේරම අඩු කාලයක් තුළ නිතර පාවිච්චි කරනවා නම් ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් වෙනසක් නැතුවම හොස් ගාලා බැටරි බහිනවා. මොකද, මේ ඇප්ස් බර වැඩි නිසා ෆෝන් එකේ Performance හෙනටම යූස් කරනවා. නමුත් නිෂ්පාදකයන්ට තිබුණා මීට වඩා හොඳ බැටරි එකක් අපිට දෙන්න! එහෙම බැලුවාම දෙපැත්තම පරාදයි.

3. Charger

The Differences Between Mini USB, Micro USB, and USB-C Explained ...

ඉස්සර පොඩි පින් චාර්ජර් හොයමින් ගිය කෙනෙක් නම් චාර්ජර් පින් එක වෙනස් වුණාම තියෙන වදේ හොඳටම දන්නවා ඇති. අමුතු ජාතියේ එකක් වුණාම යාළුවෙක්ට තියෙන වෙන ජාතියක එකක් ඒකට ගහන්න බැහැ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල ලොව හැම ඩිවයිස් එකකටම තියෙන USB පෝට් ම පාවිච්චි කරන නිසා චාර්ජරේ කැඩුණාට, නැති වුණාට ගේන්න අමතක වුණාට කිසි අවුලක් නෑ. අලුතෙන් එකක් ගන්න ගියත් සුලබ නිසා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒත් ඇපල් වල තියෙන්නේ ඇපල් වලටම විශේෂිත Lightning Connector එක නිසා පොඩ්ඩක් කේස්. ඒ ජාතියෙම එකක් හොයන එකත් අමාරුයි, ගන්න ගියත් ගාණ වැඩියි. හැබැයි අලුතෙන් එන ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් දෙකේම වයර්ලස් චාර්ජිං එන නිසා ටිකක් විතර මේ අවුල විසඳේවි. දැනට, ඇන්ඩ්‍රොයිඩ් දිනුම්.

4. Application Support

Mobile Applications| Mobile App Development| Top Mobile Apps ...

ඇපල්වල ඇප් ස්ටෝර් එක ෆෝන් ලෝකයේ තදම නීති තිබෙන ඇප් ගබඩාව විධියට ඩිවෙලොපර්ස්ලා කියනවා. මොකද, ඇප් ස්ටෝර් එකට වාර්ෂිකව රුපියල් දහ දාහක් විතර ඇප් එකක් දාද්දි ගෙවන්නත් ඕන, ඇප් එකක් සබ්මිට් කරද්දි විතරක් නෙවෙයි අප්ඩේට් දෙද්දිත් ඇපල් එකෙන් මැනුවලි හැම වතාවෙදිම චෙක් කරලා Approve කරන නිසා ලොකු කාලයක් ගතවෙනවා. යූසර්ස්ලාට මේකෙ වාසියක් තියෙනවා, කවදාවත් චොර ඇප් එකක් ස්ටෝර් එකට එන්නෙත් නෑ හොර මගඩි ඔට්ටුත් නෑ. ඒත් ඇප්ස් හදන අය නිදහස බලාගෙන ඇන්ඩ්‍රොයිඩ්වලට ඇප්ස් හදනවා වැඩියි. මොකද Play Store එකට ගෙවන්න ඕන මුල් වතාවෙදි පන්දාහක් විතර, ඊට පස්සෙ ඔක්කොම ෆ්‍රී සහ ඉක්මනින් අප්ඩේට්ස් එහෙමත් දෙන්න පුළුවන්. ඇප්ස් බහුල බව නිසා ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලාට වැඩ පහසු වෙන නිසා ඇන්ඩ්‍රොයිඩ් දිනනවා. ආරක්ෂාව පැත්තෙන් බැලුවාම ඇපල් දිනනවා.

5. Customize

Smartphone Download PNG | PNG All

අපිට ඕන විධියට ෆෝන් එක සම්පූර්ණයෙන් කණපිට ගහන්න පුළුවන් කම තියෙනවාට ගොඩක් අය කැමතියි. අමුතු හෝම් ස්ක්‍රීන් එකක් දාගෙන, සෙටිංස් මෙනු එකට අමුතු අයිකන් දාලා, වෙනස් ෆොන්ට් දාලා, ඇන්ඩ්‍රොයිඩ් ලෝගෝ එක වෙනුවට ඇපල් ලෝගෝ එක හරි, වින්ඩෝස් ලෝගෝ එක හරි දාලා පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න කට්ටිය ආසයි. එතනදී ඇන්ඩ්‍රොයිඩ් වලදි තමා උපරිම කස්ටමයිසිං හැකියාව ලැබෙන්නේ. ඇපල් වල Default Apps වෙනස් කරන්නත් අමාරු නිසා ලැබෙන දේට සාදු කියන්න වෙනවා. ඒත් ඇපල් ඩිසයින් එකේ ලස්සන දකින කෙනෙක්ට මේ දේවල් අදාළ නෑ. එහෙම කෙනෙක්ට ඇපල් ගැලපෙනවා, කස්ටමයිසිං ඕන කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් ගැලපෙනවා.

6. Unwanted apps

This Android malware can secretly root your phone and install ...

ඇන්ඩ්‍රොයිඩ් OS එක ඕන ඕන විධියට වෙනස් කරන්න ෆෝන් කම්පැණි වලට අවසර තියෙනවා. ඒ නිසා සියෝමි වගේ කම්පැණියකින් ගත්තාම ඒකත් එක්ක චීන අකුරු තියෙන එක එක ඇප්ස් ගොඩක් (ඒවාට ‘බ්ලෝට්වෙයා’ කියනවා) එක්කයි ලැබෙන්නේ. මේවා සමහර ඒවා අයින් කරන්නත් බැරි නිසා ෆෝන් එකේ අනවශ්‍ය ඉඩකුත් යනවා, ඒවා ඔටෝ අප්ඩේට් වෙන්න ගත්තොත් ඩේටා ටිකටත් අබ සරණයි. Samsung එකෙත් මේ වගේ සමහර ඇප්ස් තියෙනවා. නමුත් ඇපල් වල ඒ වගේ කරදරයක් නැති නිසා සුපිරිසිදු අත්දැකීමක් ලැබෙනවා. සුපිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් කැමති කෙනෙක්ට ගූග්ල් සමාගමේම නිෂ්පාදිත Nexus හෝ Pixel ෆෝන් එකකට යන්න පුළුවන්. ඒත් ඒ ෆෝන් ලංකාවේ වැඩිය ගන්න නැති නිසා ඇපල් දිනනවා.

7. Screen size

iPhone Device & Screen Sizes and Resolutions +Xr | Jazz Coding

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක එක සයිස් වලින් එක එක කම්පැණි වලින් හදන නිසා ඔප්ෂන්ස් ගොඩයි. අලුතෙන් එන ලොකු ස්ක්‍රීන් වලට ආස නැති කෙනෙක්ට පොඩි එකක් ගන්න හොඳටම අවස්ථාව තියෙනවා. ඒත් ඇපල් ෆෝන් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම එයාලා දෙන ලොකු සයිස් එකේ ස්ක්‍රීන් එකකට හිර වෙන්නට සිද්ධ වෙනවා. පොඩි සයිස් එකක් ඕන කියලා iPhone 5 එකක් ගත්තත් දැනටම ඒවායේ කල් පැනලා ඉවරයි. අලුතෙන් ආපු iPhone X එකෙත් උඩ නොච් එක (කළු පාට නැම්ම) නිසා ගොඩක් දෙනෙක් ආසාවක් නැහැ, මොකද පාවිච්චි කරද්දී එතන නැමුම නිසා ඇහැට හුරු වෙන්න කල් යනවා. ඔප්ෂන්ස් ගාණ වැඩි බව සලකලා, පොඩි ෆෝන් වලට කැමති අයටත් අලුත් OS එකක් තියෙන අලුත් පොඩි ෆෝන් එකක් ගන්න චාන්ස් එක තියෙන නිසා මෙතනදි ඇන්ඩ්‍රොයිඩ් දිනනවා.

පොදුවේ බැලුවාම දෙපැත්තටම වාසි – අවාසි තියෙනවා. මිල අනුව සැලකුවාම නම් අලුත් ඇපල් ෆෝන් එකක් ලක්ෂය පනින නිසා එයින් එකක් ගන්න එක අපිට හීනයක්. ඒ නිසා පොකට් එකත් බේරගෙන ෆුල් ඩිස්ප්ලේ තියෙන ෆෝන් එකක් ඕන නම් ඇන්ඩ්‍රොයිඩ් එකකින් ඒ වැඩේ කෙරෙනවා. හැබැයි ඇපල්වල මාර්කට් එක හොඳ නිසා ගත්ත එකක් ආයෙ පාඩු නැතිව සෙකන්ඩ් හෑන්ඩ් දෙන්නත් පුළුවන්, පෙනුම හොඳ නිසා ෆෝන් එක පේන්න පාවිච්චි කරන කෙනෙක්ට ඒකෙ වටිනාකමක් තියෙනවා. හැබැයි සකසුරුවම, කාර්යක්ෂමතාවය, ඔප්ෂන්ස් වැඩි බව, ඇප්ස් බහුල බව වගේ කාරණාවන් නිසා ඇන්ඩ්‍රොයිඩ් වලට තවමත් වැඩි බරක් තිබෙනවා.

Lahiru Jay