Tik Tok ටනම් මේ දවස් වල හොද කාලයක් නෙමෙයි ගෙවෙන්නෙ. මොකද මෑතකදි Tik Tok privacy details ලබාගැනීමක් ගැන ආන්දොලනාත්මක ප්‍රකාශයක් වාර්තා වුනා වගේම play store හා apple store වලින් tik tok ඉවත් කරන ලෙසත් ඉල්ලීම් කර තිබුණා.
මේ අතර තවත් නඩුවකින් වාර්තා කරන්නෙ tik tok හි නවතම අභියෝගයක් වුනු “Blackout Challenge”එක ලමයින් හත් දෙනෙකු මරණයට පත්කරල තිබෙනවා.
මේ Blackout challenge එක නියමිත වේලාවකදි ඒ වේලාව යනකල් සිහිසුන් වන තෙක් හුස්ම හිරකර ගැනීමට මිනිසුන් පෙලඹවන අභියෝගයක්.
මෙලෙස බ්ලැක්අවුට් අභියෝගය සඳහා උත්සාහ කිරීමේදී ගෙල සිරවීමෙන් තම දරුවන් මිය ගිය බව පවසන දෙමාපියන්ගෙන් දැන් TikTok විවිධ නඩු වලට මුහුණ දෙමින් සිටිනවා.
ජුනි මාසයේදී සමාගමට එරෙහිව ගොනු කරන ලද එක් නඩුවකින් විස්තර කෙරුනේ මෙම අභියෝගය උත්සහකල ලමුන් අවම 7 දෙනෙකු පසුගිය වසර තුල මියගිය බවයි. එලෙසම මෙලෙස මියගිය සියලු දරුවන් වයස අවුරුදු 15ට අඩු අයද වනවා.
පැමිණිල්ලේ සදහන් විස්තර අනුව එම අභියෝගයේදි පරිශීලකයින් පටි, රෙදි හෝ ඒ හා සමාන ඕනෑම දෙයකින් හුස්ම හිර කර ගැනීමට දිරිගන්වන බව දක්වා තිබෙනවා.
වැඩිදුර විස්තර සදහා ලමයින් අභියෝගය කල ආකාරය පිලිබද සම්පූර්ණ පැමිණිල්ල පහතින් කියවන්න පුලුවන්.
මෑතකදිම වාර්තා වුනු නඩුව ගොනු කරල තිබෙන්නෙ අටහැවිරිදි Lalani Walton ගේ හා නම හැවිරිදි Arriani Arroyo ගේ දෙමාපියන් විසින්.
එමෙන්ම එය Tik Tok නිසා බවට සාක්ෂි උපුටා දක්වමින් මෙම අභියොගය නිසා මියගිය තවත් ලමයින්ගේ විස්තර උපුටා දක්වල තිබෙනවා.
2021 ජනවාරි මාසයේදී මියගිය බව වාර්තා වූ ඉතාලියේ 10 හැවිරිදි දරුවා.
2021 මාර්තු මාසයේ මියගිය කොලරාඩොහි 12 හැවිරිදි දරුවා.
2021 ජුනි මාසයේදී මිය ගිය බව වාර්තා වූ ඕස්ට්‍රේලියාවේ 14 හැවිරිදි දරුවා.
ඔක්ලහෝමා හි 12 හැවිරිදි දරුවෙකු 2021 ජූලි මාසයේදී මිය ගිය බවට වන වාර්තාව
පෙන්සිල්වේනියාවේ 10 හැවිරිදි දරුවෙකු 2021 දෙසැම්බර් මාසයේදී මිය ගිය බවට වන වාර්තාව.
පෙන්සිල්වේනියාවේ 10 හැවිරිදි නීලා ඇන්ඩර්සන්ගේ මව ද සමාගමට එරෙහිව නඩු පවරමින් පවසා සිටියේ එය “අතිශයින් සහ පිළිගත නොහැකි භයානක අභියෝගවලට පොලඹවන” බවයි. එයට ප්‍රතිචාර වශයෙන්, TikTok Washington Post වෙත පැවසුවේ Blackout challenge එකට පිවිසීම tik tok විසින් අවහිර කර ඇති බවයි. ඒ වෙනුවට, පරිශීලකයින් එහි එක් අනතුරු ඇඟවීමේ තිරයක් දකින අතර, එහිදී “සමහර සබැඳි අභියෝග භයානක, කරදරකාරී හෝ ගොතන ලද ඒවා විය හැකිය” යනුවෙන් පණිවුඩයක් පෙන්වනු ලබනවා.
Smith හා Arroyo ගේ නඩුවට අනුව ඔවුන් පවසන්නේ ඔවුන්ගේ දරුවන් වීඩියෝ දර්ශන දුටු විට එම අභියෝග සොයන්නේ නැති බවත් ඒ වෙනුවට, TikTok එය යෙදුමේ ප්‍රධාන තිරය වන “For You page” එකෙහි එම videos පෙන්වන බවයි.
ඒ අනුව “මෙම බ්ලැක්අවුට් අභියෝගතා වීඩියෝ නැත්තම් සිහිය නැති වන තෙක් හිතාමතාම ගෙල සිර කර ගන්නා පරිශීලකයන් ඇතුළත් වීඩියෝ කුඩා දරුවන්ට සුදුසු සහ සුදුසු බව නිශ්චිතව සකස් කර තීරණය කර ඇති බවට ඔප්පු වන බවට” නඩුව තවදුරටත් සමාගමට චෝදනා කර තිබෙනවා.
සමාගම මීට පෙර ද එහි වේදිකාවට ළමයින්ට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් නඩු සහ දඩවලට මුහුණ දී ඇති අතර 2019 දී, එය වයස 13ට අඩඅ පරිශීලකයන්ට දෙමාපිය අවසරයකින් තොරව ලියාපදිංචි වීමට ඉඩදුන් නිසා ෆෙඩරල් වෙළඳ කොමිසමට ඩොලර් මිලියන 5.7 ක් වන්දි ගෙව්වේය.
කෙසේනමුත් වසරකට පමණ පසු එය Family Pairing මාදිලිය හඳුන්වා දුන් අතර, එමඟින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ව ඔවුන්ගේ ගිණුමට සම්බන්ධ කිරීමට සහ ඔවුන් දකින අන්තර්ගත ප්‍රමාණය සහ ඔවුන්ට යෙදුම මත කොපමණ කාලයක් ගත කළ හැකිද යන්න පාලනය කිරීමට ඉඩ සලසනු ලබනවා.
Leave a Reply
View Comments