Categories

මිලියන 30 ආසන්න අගයක් සමගින් නැවතත් Steam පරිශීලක වාර්තා බිද දමයි..!

සති අන්තය තුල Steam නැවත වරක් දිගු, ස්ථාවර නැගීමක් ඇති Most concurrent users සඳහා වාර්තාවක් තැබුවා. මෙයට විශේෂයෙන් උපකාරී වුනේ yu-Gi-Oh ගේම් එක හා Pubg ගේම් එක නොමිලයේ ක්‍රීඩා කිරීමට ලබා දීමයි.

Steamdb හි ප්‍රස්ථාර වලට අනුව ජනවාරි 23 වන දින උදෑසන 9 ට Steam පරිශීලකයින් 29,201,174ක සීමාවකට ලගා වී තිබෙනවා.

එමෙන්ම එකමවේලාවකදී ක්‍රීඩා කරන වැඩිම පරිශීලකයන්⁣ගේ වාර්තාවද 23 වන දින බිද දැමූ අතර එය මිලියන 8.5 ප්‍රමාණයකට ලගා වූයේ
2020 මාර්තු මාසයේ කොවිඩ් 19 ඇදිරිනීතිය ආරම්භ කල අවස්තාවේ තිබූ මිලියන 8.1 පෙර වාර්තාව අභිබවා යමින්.

 

දැනට, Steam හි වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා දෙක වන්නේ Valve mainstays Counter-Strike: Global Offensive සහ Dota 2 යන ක්‍රීඩා දෙකයි. තෙවනුවට මෙම මස නොමිලයේ ක්‍රීඩා කිරීමට ලබාදුන් PUBG සිටී.
කොහොම උනත් Steam ගේ නවතම වාර්තාවට වඩාත් හේතු වුනේ දැනට හතරවෙනි තැන තිබෙන Yu-Gi-Oh! Master Duel ක්‍රීඩාවයි.

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.