Categories

Windows 10 නැවැත්වීමේ සූදානමක්

2015 දී වින්ඩෝස් 10 නිකුත් කිරීමට මොහොතකට කලින් මයික්‍රොසොෆ්ට් සේවකයෙකු ප්‍රසිද්ධියේ කියා සිටියෙ ඒක වින්ඩෝස් වල අවසාන වර්ෂන් එක කියලා.

කොහොම උනත් “අවසාන” යන්න 2025 වෙනකන්ම තියෙයි කියලා හිතෙනවා. මොකද සමාගම බිලියන 1.3ක ජනතාවක් භාවිත කරන මෙහෙයුම් පද්ධතිය 2025දි නවත්වන්න යනවා.

මයික්‍රෝසොෆ්ට් සිය Windows 10 Home
හා Pro Lifecycle Policy pages යාවත්කාලීන කරලා තියනවා, ඒකට අනුව 2025 ඔක්තොබර් 14 වෙනිදා වෙනකන් අඩුම එක Windows 10 Semi Annual Channel එකකටවත් Support කරන්න නියමිතයි.
එම ප්‍රකාශයට යටින් Windows 10 Home හා Pro එදිනම විශාම යන බව සනාථ වෙනවා. එ් වගේම මේක Windows Pro Education හා Pro for Workstation වලටද අදාල වෙනවා.

Windows 10 Enterprise හෝ Windows server versions ගැන කිසිම සදහනක් දක්වලා තිබුනෙ නැති උනත් මේ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් Builds සදහා පසුකාලීන විශාම දිනයක් යෝජනා කරනු ඇති බවයි සදහන් වෙන්නෙ.

වින්ඩෝස් 11 එලිදක්වන්න සුදානම් වෙන බවට තවත් සාක්ෂියක් තමයි මේක.

වින්ඩෝස් 10 විශාම යන්නෙ 2025 ඒක නිසා Major Updates වගේකුත් එන්න් තියනවා.
මේ වසර අග එන්න නියමිත Windows 10 21H2( sun valley) එකත් ඇතුලුව වර්තමාන මෙහෙයුම් පද්ධතිය නව පෙනුමකින් හා නව විශේෂාංගයන් එක්ක නවීකරණය වෙලා එනවා බලාගන්න පුලුවන් වෙයි.