Categories

ලොව පලමු Quad -band Wi-Fi 6E ගේමින් රවුටර් එක.

 

Asus වල අලුතෙන්ම ආපු රවුටර් එක තමයි ROG Rapture GT-AXE16000 රවුටර් එක. ඔයාල හිතනව ඇති මේක කොහොමද ලොකෙ පලවෙනි quad band Wi Fi 6E රවුටර් එක වෙන්නෙ කියල, මීට කලින් Netgear වලින් නිකුත් කරපු quad band orbi system එක තියෙද්දි. ඒත් මේක විශේෂයෙන් ගේමර්ස්ල සදහාම ඉලක්ක කරගත්තු පලවෙනි සිස්ටම් එක. මෙහි මුලිකව සම්බන්ධතාවය සදහා රැහැන් රහිත පටි හතරක් ඇතුළත් වෙනවා. ඒ වගේම මේකෙ 2.4GHz band එකක්, 5GHz band දෙකක් හා නව 6GHz කලාපයක් ඇතුලත්. ඔයාට රැහැන්ගත වෙන්න ඕනනම් මේකෙදි 10Gbps Lan port දෙකක් හො 1Gbps lan port 4ක් තෝරා ගැනීමටපුලුවන්.එමෙන්ම WAN port එක 2.5Gbps Speed එකකට rate කරල තිබෙනවා.