Categories

ලෝකයේ ප්‍රබලතම සමාගම් දෙකක් කඩා වැටෙයි

පහුගිය වසර වල ඇති වුණ කොවිඩ් වසංගත, ලොක්ඩවුන් සීමාවන් සහ ආර්ථිකය පහළ යාම් නිසා මෙටා,පේපෑල්,ඇමසෝන් වැනි සමාගම් වල වෙළදපළ කොටස් කඩා වැටීම් ගැන සදහන් වුණා. ඒත් මෙලෙස කඩා වැටුණු සමාගම් මේවා පමණක් නම් නෙමේ. මොකද චීනයේ ප්‍රබලතම සහ විශාලතම තාක්ශණික සමාගම් වන Tencent සහ Alibaba වල සිදුවූ වෙළදපල කඩා වැටීම් අනෙක් සමාගම් වලට වඩා විශාළ වූ නිසා.

bloomberg ප්‍රකාශ කරන්නේ  මාස 18කට පෙර චීනයේ දෙවන ට්‍රිලියන-ඩොලර් සමාගම බවට පත් වූ Tencent සමාගම, 2008 මූල්‍ය අර්බුදයෙන් පසු එහි පළමු කාර්තුමය ආදායම් පහත වැටීම වාර්ථා කරන බවයි. lockdown කාල සීමාව තුළ ගෘහස්ථව සිටි බොහෝ අය වෙන කවරදාටත් වඩා ගෘහස්ථ ක්‍රීඩා සදහා යොමු වීම හේතුවෙන් වීඩියෝ ක්‍රීඩා අලෙවිය විශාල ලෙස අඩු වී තිබුණා. මේ නිසා පර්යේෂණ ආයතනයක් වෙන Ampere Analysis අනාවැකි පළ කරන්නේ 2022 දී මෙහි විකුණුම් ඩොලර් බිලියන 188 දක්වා 1.2% කින් පහත වැටෙනු ඇති බවයි.

Tencent හි කොටස් 2022 පෙබරවාරි සිට 60% කින් පහත වැටී තිබෙනවා. Bloomberg ට අනුව, එහි වටිනාකම ඩොලර් බිලියන 564.1 ක් වෙනවා. එය චීනයේ විශාලතම සමාගම් පාඩුවක් වෙනවා. චීනයෙන් පිටත විශාළ අලාභයක් ලැබූ සමාගම වන්නේ ඩොලර් බිලියන 302 අලාභයක් ලැබූ Meta සමාගමයි.

ලැයිස්තුවේ Tencent පිටුපසින් සිටින්නේ Alibaba සමාගමයි. මෙහි කොටස් 65% කින් පහත වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි මාසයේ සිට වෙලඳපොල වටිනාකම ඩොලර් බිලියන 494 ක අලාභයක් සිදු වුණා. ඒවගේම ජැක් මා විසින් සම-ආරම්භ කරන ලද මේ සමාගම මෑතකදී ඉතිහාසයේ පළමු පැතලි ආදායම් වර්ධනයද වාර්ථා කරනු ලැබුවා.

source:-
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.