Categories

Sony විසින්Youtube Content Creators සහ Vloggers ලා ඉලක්ක කර ගනිමින් නවතම කැමරාවක් එළිදක්වා තිබේ.

සෝනි අද වන විට vloggers සහ content creators  ඉලක්ක කර ගනිමින් නවතම කැමරාවක් එළිදක්වා තිබේ. සෝනි ZV-1 යනු සැහැල්ලු, compact කැමරාවක් වන අතර Sony පවසන්නේ  video-forward design සහ compact body පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රියාකාරීත්වයන් සමඟ උසස් imaging Processing තාක්‍ෂණයෙන් මෙම කැමරාව යුක්ත බවයි.

කැමරාව පැත්තේ විවර වන තිරයක් සමඟ එන අතර එය සෝනි කැමරා වල එම තාක්ෂනය භාවිතා වන පළමුවැන්නයි. මෙය හුදෙක්  vloggers  සහ creators වරුන්ගේ භාවිතය පහසු සහ සරල කිරීමට උපකාරී වේ. එසේම, vloggers  සඳහා,රැගෙන යැමේදි  කැමරාවට තදින්  ග්‍රහණය කර ගැනිමට හැකි ආකාරයට නිමවා ඇති අතර එය තනි අතකින් භාවිතා කිරීම පහසු කරයි. තවද, පටිගත ( Video Recording ) කිරීම සක්‍රිය ( Start ) කර ඇති විට ඇඟවීමට indicate Light ඉදිරිපස ඇත . මේ සියල්ලම සමගම කැමරාවට හුරුබුහුටි පෙනුමක් ලබා දි ඇත.

image stabilisation සමඟ කැමරාව, HD වීඩියෝ පටිගත කිරීමේදී කැමරාව both electronic and optical stabilization තාක්ෂනය භාවිතා කරයි , එමගින් නොසෙල්වෙන පැහැදිලි රුප රාමු ලබාදෙයි . 4K Mode වලදි, කැමරාව OIS තාක්ෂනය පමණක් භාවිතා කරයි, සෝනි කියා සිටින්නේ එය මගින් stable videos ලබා දෙන බවයි. තවද මෙය සමග, shooting grip එකක් සහ wireless remote controller ද ඔබට ලැබෙන ඇත. එය මගින් හොදින් ග්‍රහනය කරගනිමින් විඩියෝ කිරිමට  සහ භාවිතයේ පහසුව සඳහාද උපකාරී වේ.

ශබ්දය පටිගත කිරිම සඳහා, කැමරාව තුල දිශා තුනකින්  මයික් සහ 3.5mm මයික්‍රොෆෝන් එකක් පිටතින් සවි කිරිමට හැකියාව ඇත. එබැවින් භාවිතා කරන්න් හට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නෙ නම් ඔවුන්ගේ කැමති බාහිර මයික්ස් සම්බන්ධ කළ හැකිය.

සෝනි ZV-1 හි අනෙකුත් අංග අතර Modes  අතර මාරුවීම සඳහා එක බොත්තම් ලබා දි තිබිම මගින්  භාවිතා කිරීම පහසුය. මේ සමග ඇති අනෙක් විශේෂාංග අතර  4K recording with full pixel readout, support for Hybrid Log-Gamma, S-Gamut3.Cine/ S-Log3, and S-Gamut3 / S-Log 3. පටිගත කිරීමද කැමරාවට ඇත.

Read more Full Specifications & Features –  https://www.sony-asia.com/electronics/cyber-shot-compact-cameras/zv-1/specifications#features