Categories

Micron ලොව විශාලතම microSD කාඩ්පතට හිමිකම් කියයි

micron විසින් ලොව විශාලතම ධාරිතාවයක් සහිත microSD කාඩ්පතක් හදුන්වා දී තිබෙනවා. i400 microSD series එකක් වන මෙය 64GB,128GB,512GB, 1 TB සහ 1.5 TB size ලබා දෙනවා.

අඛණ්ඩව වීඩියෝ පටිගත කිරීම සහ AI capture සදහා අවධානය යොමු කරමින් edge storage applications සදහා මෙය නිර්මාණය කර තිබෙනවා. එසේම සියළුම i400 කාඩ්පත් 24/7 ක්‍රියාකාරිත්වයක් සදහා ශේණිගත කර තිබෙන අතර ඒවාට සෙල්සියස් අංශක -25 සහ සෙල්සියස් අංශක 85 අතර පරිසරවල ද ක්‍රියා කළ හැකි අතර ජලය, චුම්බක, එක්ස් කිරණ, බලපෑම් සහ කම්පනය වැනි හානිවලින් ද ආරක්ෂා විය හැකියි.

මෙම 1.5 TB කාඩ්පතට මාස හතරක් දක්වා වීඩියෝ ගබඩා කරගත හැකි බවයි micron පවසන්නේ. කෙසේ වෙතත් මෙය පාරිභෝගිකයන් සදහා වෙළදපලට නිකුත් කර තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.