හැමෝම අහපු දෙයක් තමයි කොහොමද lock වෙච්ච facebook account එකක් ගන්නෙ කියල.
ඉතින් මුලින්ම බලමු Meta එක ඇයි ඔයාගෙ Fb account එක Disable කරන්නෙ කියල
ප්‍රධාන වශයෙන් Facebook Company terms of service අනුගමනය කරන්නනැති account disable කරනවා.
අදාල නීති බැලුවොත්
- Facebook terms වලට අදාල නොවන දෑ පල කිරීම
(මිනීමැරුම්,ලිංගිකක්වය පිලිබද…)
- ව්‍යාජ නම් භාවිතය.
- ව්‍යාජ ලෙස පෙනී සිටීම.
- Facebook Community Standards වලට පටහැණි ලෙස හැසිරීම( අසභ්‍ය වචන භාවිතය…)
- ප්‍රචාරණයන්, ප්‍රවර්ධනය හෝ ඉඩ නොදෙන වෙනත් හැසිරීම් සඳහා වෙනත් පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම දක්වන්න පුලුවන්.
Recover Facebook Account
ඔයා ඉහත නීති කඩකරල නැත්නම් ඔයාට Review එකක් Request කරන්න පුලුවන්.
පහතින් දක්වල තිබෙනව අදාල පියවරයන්
1. මුලින්ම Facebook account appeal form එකට ගිහින් අවශ්‍ය විස්තර දීල form එක පුරවන්න.
එතනදි Login email/phone number, සම්පූර්ණ නම හා සත්‍යාපනයට ID එක අවශ්‍ය වෙනවා.
එි වගේම Facebook id verification සදහා Government හා Non Government ID සදහා සහය දක්වනවා.
Government –
*Driving licence
*National identity card
*Passport
*Birth certificate
Non Government
*Student card
*Library card
*Refugee card
*Employment verification
*Diploma
*Loyalty card
2. විස්තර පුරවල appeal එක submit කරන්න Send කරන්න. එතකොට Facebook ඔයාගෙ account එක review එකක් කරනව. ඔයාගෙ account එක වැරදීමකින් disable වෙලානම් ඔවුන් ඒක යථා තත්ත්වයට පත් කරනවා. ඒ වගේම Review process එක අතර තුර වැඩි විස්තර ගන්න ඔයාව Contact කරගන්න පුලුවන් ,ඒ නිසාම ඒ ගැන අවදානෙන් වගේම සත්‍ය විස්තරත් ඒ සදහා යොදාගන්න සැලකිලිමත් වෙන්න.
Recover Facebook Account You Disabled
ඔයා විසින්ම ඔයාගෙ account එක Disable හරි permanently Delete කරානම් හරි disable කරල දවස් 30 ඇතුලත ඒ Account එක reactivate කරගන්න පුලුවන්.
01. ඔයා Account එක temporarily disabled කරලනම් අදාල Login details දීල log වෙන්න පුලුවන් ඒකෙදි Facebook කිසිදු බාධාවකින් තොරව Platform එකට login වෙන්න දෙනවා.
02. permanently delete කරලනම් ඔයාට සිද්ධ වෙනව account එකට ලොග් වෙලා Deletion එක Cancel කරන්න. ඒකට ඔයා email/ pass දිල ලොග් වෙනකොට account එක delete වෙන දවස පෙන්නනවා එතනදි ඔයාට Cancel Deletion එක click කරල account එක ආපහු ගන්න පුලුවන්.
Leave a Reply
View Comments