Categories

OpenAI විසින් සියළුම ChatGPT පරිශීළකයින් සඳහා custom instructions පහසුකම ලබා දෙයි

OpenAI විසින් සියළුම ChatGPT පරිශීළකයන්ට custom instructions feature එකක් නිකුත් කරලා තියෙනවා. මේ හරහා පරිශිලකයන්ට පුලුවන් වඩා හොද ප්‍රතිචාර ලබාගන්න ChatGPT එකට custom instruction ලබා දෙන්න.

උදාහරණයක් විදියට පාසලක උගන්වන ගුරුවරයෙක් ChatGPT භාවිතා කරනවනම් ඔහුට පුළුවන් මේ custom instructions සඳහා ඔහුට අදාල විස්තර ලබා දෙන්න.

වඩා හොද ප්‍රතිචාර ලබා දෙන්න ChatGPT එක ඔයා ගැන දැනගන්න අවශ්‍ය දේවල් ඔයාට custom instructions එකට ඇතුළත් කරන්න පුලුවන්.
ChatGPT එකෙන්ම මේකට කරුණු කිහිපයක් suggest කරලා තියෙනවා.
ඔයාගෙ රැකියාව, ඔයාගේ විනෝදාංශ සහ ආශාවන්, ඔයා කතා කරන්න කැමති කරුණු, ඔයාට තියෙන ඉලක්ක වගේ දේවල් මෙතනදි ඔයාට සඳහන් කරන්න පුලුවන්.

ඒ වගේම chatGPT ලබා දෙන ප්‍රතිචාරයත් අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න මෙතනදි පුලුවන්. උදාහරණ විදියට chatGPT එක formal හෝ casual වෙන්න අවශ්‍යද, ප්‍රතිචාරය කොතරම් දිගු/ කෙටි වෙන්න අවශ්‍යද වගේ දේවල් ඔයාට සඳහන් කරන්න පුලුවන්.

ඉතින් උඩ සඳහන් කරපු විදියට ගුරුවරයෙක්ට පුලුවන් මෙතනට එයා ඉගැන්වීම් කරන විශය, ශ්‍රේණිය වගේ සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා ඕනම වෙලාවක වඩා හොද සහ කාර්‍යක්ශම පිළිතුරු ලබා ගන්න.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.