Categories

This image provided by Boston-based RR Auction, shows an authenticated Apple-1 Computer prototype from the mid-1970s that a Bay Area collector, who wishes to remain anonymous, made the winning $677,196 bid on Thursday, Aug. 18, 2022, the auctioneer said. The prototype was used by Apple co-founder Steve Jobs in 1976 to demonstrate the Apple-1 to Paul Terrell, owner of The Byte Shop in Mountain View, California, one of the first personal computer stores in the world, Boston-based RR Auction said in a statement. (RR Auction via AP)

මිලියන දෙසීයකට වෙන්දේසි වූ Apple පරිගණකය

San Francisco Bay Area හි නිර්නාමික එකතුකරන්නෙක් විසින් දැනට තිබෙන එකම  Apple-1 මූලාකෘතිය වෙන්දේසියකදී ඩොලර් 677,196 ( Rs.252,810,810.00) කට මිලදී ගෙන තිබෙනවා. ඒ ලංකා මුදලින් මිලියන 200 ආසන්න ප්‍රමාණයකටයි. Apple-1 පරිගණක මීට පෙරත් වෙන්දේසි වී තිබුණත් මේක සුවිශේෂී වෙන්නේ Demo එකක් විදියට පාවිච්චි කළ ඇපල් සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ මූලාකෘතිය නිසායි.

1976 දී, ස්ටීව් ජොබ්ස් මෙම මූලාකෘතිය භාවිතා කර තිබුණේ ලොව පළමු පරිගණක ගබඩාවල හිමිකරු වන Paul Terrell හට Apple-1 පරිගණකය ප්‍රදර්ශනය කිරීමටයි. 1976 දී නිකුත් කර තිබෙන Apple-1 පරිගණකය Apple හි ප්‍රථම නිෂ්පාදනය වෙනවා. මෙය MOS 6502 CPU සමඟ 1 MHz ධාවනය වන අතර, 4KB RAM ප්‍රමාණයක් සහ පරිශීලකයින්ට ශ්‍රව්‍ය කැසට් පටිවල වැඩසටහන් ගබඩා කිරීමට ඉඩ සලසන විකල්ප කැසට් අතුරුමුහුණත් කාඩ්පතක් සමඟ පැමිණ තිබෙනවා. මෙතෙක් නිපදවා තිබෙන්නේ Apple-1 ඒකක 200ක් පමණ වන අතර ඉන් 62ක් තවමත් පවතින බව තහවුරු වී තිබෙනවා.

ඒ වගේම මෙම වෙන්දේසියේදි පළමු පරම්පරාවේ iPhone එක ඩොලර් 35,414කට අලෙවි වී තිබෙන අතර ස්ටීව් විසින් අත්සන් කරන ලද 1971 උසස් පාසල් වාර්ශික පොතක් ඩොලර් 28,410 කට අලෙවි වී තිබෙනවා.

source:-
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.