Categories

Android වල කැමරා සහ මයික්‍රොෆෝන් පාලනය කරන process manager spyware එක

android දුරකථන වල camera සහ microphone පාලනය කරන නව spyware මෘදුකාංගයක් සොයාගෙන තිබෙනවා. මෙය system component ලෙස පෙනී සිටිමින් camera,microphone සහ අනෙකුත් විවිධ ක්‍රියාකාරකම් සදහා ප්‍රවේශය ඉල්ලා සිටිනවා.

Lab52 පර්‍යේශකයන් විසින් මෙම spyware මෘදුකාංගය “process manager ” ලෙස නම් කර තිබෙන අතර මෙම spyware යොදාගෙන ලබා ගන්නා තොරතුරු තෙවැනි පාර්ශවයකට යැවීමේ හැකියාවද මෙයට තිබෙනවා. මෙය පැතිරෙන ආකාරය සොයාගෙන නැතත් මෙය instrall කල පසු gear හැඩැති icon එකක් ලෙස පෙනී සිටිමින් android තුළ සැගවී සිටිනවා.

මෙම application එක run කල පසු  එය මගින් screen lock attempt, screen බැලීම, global proxy සැකසීම,screen lock password සැකසීම ආදි  permission ඉල්ලා සිටිනු ලබනවා. Lab52 පර්‍යේශකයන් විසින් මෙම spyware ඉල්ලා සිටින තවත් permission විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

GPS data including phone location

Network status

WiFi information

Full access to the camera for both photo and video capture

Audio modifications

Access to call logs

Access to contact list

The ability to read external storage

The ability to write to a memory card

SMS access on the SIM card

Access to the audio recorder

Permission to send SMS messages

Permission to prevent a decice from locking or hibernating

permission සදහා අවසර ලබා දීමෙන් පසුව gear හැඩැති icon එක අතුරුදහන් වන නමුත් background තුළ දිගටම ක්‍රියාත්මක වන අතර notification panel හි සක්‍රීය ලෙස පෙන්වනු ලබනවා.

මෙවායින් ආරක්ශා වීමට නම් මෙම යෙදුම් මගින් අනවශ්‍ය permission ඉල්ලා සිටීනම් එවැනි යෙදුම් ස්ථාපනය කිරීමෙන් වැළකී සිටින්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.